ආගමික රාජ්‍ය තාන්ත්‍රික කටයුතු තුළින් මිත්‍රත්වය සහ පුද්ගල සබඳතා වර්ධනය කිරීම: මැනිලාහි ශාන්ත ජූඩ් තැඩියුස්ජාතික සිද්ධස්ථානයේ දේව මංගල්‍ය දිනයේදී ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කරන ලදි

ආගමික රාජ්‍ය තාන්ත්‍රික කටයුතු තුළින් මිත්‍රත්වය සහ පුද්ගල සබඳතා වර්ධනය කිරීම: මැනිලාහි ශාන්ත ජූඩ් තැඩියුස්ජාතික සිද්ධස්ථානයේ දේව මංගල්‍ය දිනයේදී ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කරන ලදි

ශාන්ත ජූඩ් තැඩියුස් ජාතික දේවස්ථානයේ  ප්‍රධාන පූජකවරයා මෙන් ම දේවගැති ලයිනෝ නිකාසියෝ පියතුමාගේ ආරාධනයෙන් මැනිලා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2021 ඔක්තෝබර් මස 28 වන දින එම දේවස්ථානයේ අනුශාසක සාන්තුවරයාගේ මංගල්‍ය දිනය සැමරීම සඳහා සහභාගී විය.

දේවස්ථානයේ බැතිමතුන්ට සහ ආගමික ප්‍රජාවට ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්  ආගමික සංචාරක අංශය සහ ලංකාවේ ප්‍රමුඛත ම අපනයන නිෂ්පාදනය වන සිලෝන් තේ ඇතුළු ව රටේ සංචාරක ආකර්ෂණයන් ප්‍රදර්ශනය කිරීම සඳහා තානාපති කාර්යාලය විසින් සංචාරක හා තේ අලෙවි ප්‍රවර්ධන කුටියක් සංවිධානය කරන ලදී. මැනිලා හි අගරදගුරු එච්. ඊ. ජෝස් එෆ්. කාදිනල් ඇඩ්වින්කියුලා පියතුමා, පිලිපිනයෙහි ශ්‍රී ලංකා තානාපතිනි ශෝබිනී ගුණසේකර මැතිණිය සහ දේවස්ථාන නිලධාරීන් විසින් පොල්තෙල් පහන දැල්වීමත් සමඟ මෙම වෙළඳ කුටිය නිල වශයෙන් විවෘත කෙරිණි.

මැනිලා හි අගරදගුරු තුමාගේ ප්‍රධානත්වයෙන් පැවති ශුද්ධ වූ දිව්‍ය පූජාවේදී තානාපති කාර්යාලයේ නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය විසින් කන්‍යා මරිය තුමිය වෙනුවෙන් වූ සිංහල භක්ති ගීතිකාවක් වන “නමෝ මරියනී” ගීතය භාවමය අයුරින් ගායනා කරන ලදි.

එම අවස්ථාවේ දී අදහස් දැක්වූ තානාපතිනී ගුණසේකර මැතිණිය ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර දිගුකාලීන සුහද සබඳතා විශේෂයෙන්ම ආර්ථික,දේශපාලන,සමාජීය සහ සංස්කෘතික ක්ෂේත්‍ර වැඩිදියුණු කිරීම සහ ශක්තිමත් කිරීම සඳහා ක්‍රිස්තියානි ධර්මයේ පරිත්‍යාගශීලී විශ්වාසය කැපී පෙනෙන වේදිකාවක් වන බව අවධාරණය කළාය. වසංගත-ආතතිය තුරන් කිරීමේ ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාවට පැමිණීමෙන් ශ්‍රී ලංකාවේ සුන්දරත්වය සහ සුවිශේෂී ලක්ෂණ භුක්ති විඳීමට ඇය දේවස්ථානයට සපැමිණි පිරිසට ආරාධනා කළාය.

මේ අතරවාරයේ දී නිකාසියෝ පියතුමා විසින් තානාපති කාර්යාලයීය සාමාජිකයින්ගේ වටිනා සහභාගීත්වය වෙනුවෙන් සිය ප්‍රශංසාව පළ කරනු ලැබූ අතර පිලිපීන ජාතිකයන් සමඟ පවතින සංස්කෘතික සහ පුද්ගල සබඳතා තවදුරටත් වර්ධනය කිරීම සඳහා වන මෙම ඵලදායී මූලික පියවර අගය කළේය.

දිව්‍ය පූජාවෙන් අනතුරු ව සහභාගිවූවන් සහ බැතිමතුන් හට සංචාරක ප්‍රවර්ධන ද්‍රව්‍ය සහ තේ සාම්පල බෙදා දෙමින් සිලෝන් තේ සංග්‍රහයක් කෙරිණි. රට පුරා සිටින සිය ගණනක් බැතිමතුන් මෙම උත්සවයට සහභාගී වූ අතර අථත්‍ය මාර්ගයෙන් 100,000කට ආසන්න පිරිසක් එක්වීමෙන් සමාජ මාධ්‍ය හරහා මෙම වැඩසටහන සජීවී ව විකාශනය කෙරිණි.

පිලිපීනය යනු ගෝලීය වශයෙන් බ්‍රසීලය සහ මෙක්සිකෝවෙන් පසු විශාලත ම කතෝලික ජනගහනයක් සහිත රාජ්‍යයන් අතර තුන්වන ස්ථානයට පත් ප්‍රමුඛත ම කතෝලික රාජ්‍යයකි. විශේෂයෙන් ම විවිධ ආධ්‍යාත්මික කටයුතුවල සහ උසස් අධ්‍යාපන කටයුතුවල වැඩි වශයෙන් නියැලී සිටින ශ්‍රී ලාංකීය පූජකවරුන්,කන්‍යා සොහොයුරියන් සහ මිෂනාරිවරුන්ගෙන් සමන්විත මෙම රාජ්‍යය කතෝලික ආගම අදහන ශ්‍රී ලාංකික ආගමික ප්‍රජාව සඳහා අගනා නිවහනකි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

මැනිලා

2021 නොවැම්බර් 05 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close