අත්පත් කරගනු ලැබූ පලස්තීන භූමිප්‍රදේශවල පිරිහෙමින් ඇති මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 28 වැනි විශේෂ සැසිවාරයේදී ශ්‍රී ලංකාව විසින් කරන ලද ප්‍රකාශය

අත්පත් කරගනු ලැබූ පලස්තීන භූමිප්‍රදේශවල පිරිහෙමින් ඇති මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 28 වැනි විශේෂ සැසිවාරයේදී ශ්‍රී ලංකාව විසින් කරන ලද ප්‍රකාශය

සභාපතිතුමනි,

මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ සැසිවාරය අද රැස්වන්නේ අත්පත් කරගනු ලැබූ පලස්තීන භූමිප්‍රදේශවල මරණය සහ විනාශය හටගෙන ඇති, මුළු කලාපයම ප්‍රචණ්ඩත්වයෙන් හා කැළඹීමෙන් වෙලී ඇති පසුබිමක බව අපි කනගාටුවෙන් යුතුව නිරීක්ෂණය කරමු.

අත්පත් කරගනු ලැබූ පලස්තීන භූමිප්‍රදේශවල සිටින සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව උපරිම සැලකිල්ල යොමුවීමත්, සෑම විටෙකම ඔවුන්ගේ මානව හිමිකම්වලට ගරු කොට ඒවා ආරක්ෂා කිරීමත් වැදගත්ය.

ප්‍රචණ්ඩත්වයට ස්වයං-ජනන හැකියාවක් ඇත. ප්‍රචණ්ඩත්වයෙන් තව තවත් ප්‍රචණ්ඩත්වය සහ පලිගැනීම ජනනය වන්නේ මහජනතාවගේ විශ්වාසය පළුදු කරමින් හා වඩා විශාල සමාජය සතු දිරියෙන් යළි නැගී සිටීමට ඇති හැකියාව දුර්වල කරමිනි.

ප්‍රචණ්ඩ ක්‍රියා මෙන්ම ජීවත් වීමට ඇති අයිතිය හා සියලු පුද්ගලයන්ගේ ගෞරවය උල්ලංඝනය කිරීම නවතන ලෙසටත්, ජාත්‍යන්තර නීතියට ගරු කරන ලෙසටත් අපි මේ අවස්ථාවේදී උදක්ම ඉල්ලා සිටිමු.

අප දකින ආකාරයට, කලාපයේ සියලුම ජනතාවට යළි සාමය උදාවීමට නම්, ව්‍යාප්තව ඇති අභියෝග විසඳීමෙහිලා ඇති සාධනීය විකල්පය වනුයේ සංවාදයයි. ද්වි රාජ්‍ය විසැඳුමක මූලිකාංග කෙරෙහි සැලකිල්ල දක්වමින් කාර්යශීලී ආකාරයකින් සංවාදයෙහි නිරත වන්නේ නම්, එම සංවාදය සාර්ථකත්වය කරා ගෙන යෑමේ සුවිසල් හැකියාව තවමත් රාජ්‍ය තාන්ත්‍රිකභාවය හා දේශපාලන නායකත්වය සතුව ඇත.

ස්තූතියි, සභාපතිතුමනි.

sinpdf

Print Friendly, PDF & Email
Please follow and like us:

Close