වියට්නාම ජනාධිපති ලුඕං කුඕංගේ මහතාගේ ආරාධනාවකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 මැයි 04 සිට 06 වැනි දින දක්වා වියට්නාම සමාජවාදී ජනරජයේ රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිතය.
මෙම සංචාරය අතරතුරදී, ජනාධිපති දිසානායක මහතා වියට්නාම ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමඟ නිල සාකච්ඡා පවත්වනු ඇති අතර කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම්වරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ සම්භාවනීය නිලධාරීන් හමුවනු ඇත. හෝ චි මිං නගරයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපතිවරයා සහභාගී වන අතර එහිදී ඔහු ප්‍රධාන දේශනය පවත්වනු ඇත. රාජ්‍ය සංචාරය අතරතුර දෙපාර්ශ්වය අවබෝධතා ගිවිසුම් සහ ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමටද නියමිත අතර ව්‍යාපාරික ප්‍රජාව සමඟ සම්බන්ධ වීමටද අපේක්ෂා කෙරේ.
දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට මෙම වසරේදී 55 වසරක් සපිරෙන බැවින්, වියට්නාම සමාජවාදී ජනරජය වෙත කෙරෙන මෙම සංචාරය තුළින් දෙරට අතර ශක්තිමත් සබඳතා තවදුරටත් තහවුරු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ජනාධිපතිවරයා සමඟ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ
2025 මැයි 02 වැනි දින


