හිටපු විදේශ අමාත්‍ය මංගල සමරවීර මැතිතුමාගේ අභාවය පිළිබඳව විදේශ අමාත්‍යාංශය ශෝකය පළ කරයි

හිටපු විදේශ අමාත්‍ය මංගල සමරවීර මැතිතුමාගේ අභාවය පිළිබඳව විදේශ අමාත්‍යාංශය ශෝකය පළ කරයි

හිටපු විදේශ අමාත්‍ය මංගල සමරවීර මැතිතුමාගේ අභාවය පිළිබඳව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා සහ විදේශ අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය සිය බලවත් කණගාටුව ප්‍රකාශ කරති.

දිවංගත අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා 2005-2007 සහ 2015-2017 කාලවල දී දෙවරක් විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. රාජකාරිය සඳහා වූ එතුමාගේ කැපවීම සහ බැඳීම, එතුමා පෙනී සිටි වටිනාකම් සඳහා මෙන්ම, එතුමාගේ මානුෂීය ගුණාංග වෙනුවෙන් ද එතුමාව සිහිපත් කෙරෙනු ඇත. තම රටේ සුභසාධනය සහ සංවර්ධනය සඳහා දැඩි කැපවීමකින් යුතුව කටයුතු කළ නායකයෙකු ශ්‍රී ලංකාවට අහිමි වී තිබේ.

මෙම දුෂ්කර අවස්ථාවේ දී, අපගේ හැඟීම් හා ප්‍රාර්ථනා දිවංගත ඇමතිවරයාගේ පවුලේ අය සමඟ එක්වෙයි. මෙම වසංගතය විසින් තවත් ජීවිතයක් බිලිගෙන ඇති අතර, මෙවර තම රටට හොඳින් සේවය කළ කීර්තිමත් ශ්‍රී ලාංකික පුත්‍රයෙකි.

එතුමා උතුම් වූ නිවන් සුවයට පැමිණෙත්වා!

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 අගෝස්තු 24 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close