හම්බන්තොට නගරය චීනයේ ග්වැන්ෂු හි සහෝදර/ මිත්‍ර නගරවල ඡායාරූප ප්‍රදර්ශනයට සහභාගී වේ

 හම්බන්තොට නගරය චීනයේ ග්වැන්ෂු හි සහෝදර/ මිත්‍ර නගරවල ඡායාරූප ප්‍රදර්ශනයට සහභාගී වේ

  

ග්වැන්ෂු නාගරික මහජන රජයේ විදේශ කටයුතු කාර්යාලය සිය මහ නගර සභාවේ සහෝදර/මිත්‍ර-නගර අතර පවත්නා සබඳතා ආශ්‍රිත සුවිශේෂී සංවත්සර සැමරීම සඳහා මෙන්ම, ග්වැන්ෂු හි වෙසෙන ජනතාව මෙම නගර සමඟ වඩාත් සමීප කිරීම සඳහා සංවිධානය කරන ලද ඡායාරූප ප්‍රදර්ශනයක් සඳහා, හම්බන්තොට  නගරය ද ලොව තවත් නගර කිහිපයක් සමඟ සහභාගී විය.

හම්බන්තොට සහ ගුවැන්ෂු අතර පවත්නා සහෝදර-නගර සබඳතාව හා සබැඳි 15 වැනි සංවත්සරය මෙම වසරේ දී  සනිටුහන් කෙරේ. ග්වැන්ෂු යනු චීනයේ ආර්ථික බලාගාරය වන ග්වැන්ඩොන්ග් පළාතේ අගනුවර යි. කලාපීය මට්ටමෙන් දෙරට අතර පුළුල් ආර්ථික හා සංස්කෘතික සබඳතා නිර්මාණය කිරීම සඳහා ග්වැන්ෂු නගරය දායක වී ඇත.

 “හරිත සංවර්ධනය සහ සංස්කෘතික හුවමාරු” යන තේමාවෙන් යුත් ප්‍රදර්ශනය, 2022 ඔක්තෝබර් 20 වැනි දින සිට නොවැම්බර් 10 වැනි දින දක්වා ග්වැන්ෂු පුස්තකාලයේ දී පැවැත්වේ. මෙම ප්‍රදර්ශනයේ මාර්ගගත විකාශනය https://s.eqxiu.cn/s/YEkuRC4v?bt=yxy  යන සබැඳිය ඔස්සේ එම කාලසීමාව තුළ නැරඹිය හැකි ය.

හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහය ලද ග්වැන්ෂු හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය, මෙම ඡායාරූප ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ නගරයේ සහභාගීත්වය සම්බන්ධීකරණය කළේ ය.

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය

ග්වැන්ෂු

2022 ඔක්තෝබර් 27 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close