සීෂෙල්ස් ජනරජය වෙත ශ්‍රී ලංකන් ගුවන් සේවය සාදරයෙන් පිළිගනු ලබයි

සීෂෙල්ස් ජනරජය වෙත ශ්‍රී ලංකන් ගුවන් සේවය සාදරයෙන් පිළිගනු ලබයි

සීෂෙල්ස් ජනරජයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ශ්‍රීමාල් වික්‍රමසිංහ මැතිතුමා විසින් 2021 දෙසැම්බර් මස 12 වන ඉරිදා දින ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අංක UL 707 දරන ගුවන් යානය සීෂෙල්ස් ජනරජය වෙත පිළිගනු ලැබී ය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම මාස 21 කට පසු කොළඹ හරහා ගෝලීය මාර්ග ජාලයට සම්බන්ධ වෙමින් සීෂෙල්ස් වෙත ගුවන් ගමන් යළි ආරම්භ කර ඇත. 2020 මාර්තු මස 16 වන දින සීෂෙල්ස් වෙත ආපසු යාමත් සමඟ ශ්‍රී ලංකාව සිය ගුවන් ගමන් මෙහෙයුම් නතර කරනු ලැබූ අතර සතියක් පාසා සෑම ඉරිදාවක ම ගුවන් ගමන් ආරම්භ කිරිමට සැලසුම් කර ඇත.

විශේෂඥ වෛද්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා සීෂෙල්ස් ජාතිකයින් බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාව වෙත පැමිණෙන බවට ප්‍රසිද්ධය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

වික්ටෝරියා

2021 දෙසැම්බර් මස 16 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close