ස්ටොක්හෝම් හි මුස්ලිම් දේවස්ථානයක් පිටත දී කුරානයක් ගිනි තැබීමේ සිදුවීම ශ්‍රී ලංකාව හෙළා දකියි

ස්ටොක්හෝම් හි මුස්ලිම් දේවස්ථානයක් පිටත දී කුරානයක් ගිනි තැබීමේ සිදුවීම ශ්‍රී ලංකාව හෙළා දකියි

ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමතුන් විසින් සමරනු ලබන ඊද් අල් අදා උත්සව දිනයේ දී ස්වීඩනයේ මුස්ලිම් දේවස්ථානයක් පිටත දී ඉස්ලාම් දහමේ පූජනීය ග්‍රන්ථය වන ශුද්ධ වූ කුරානයේ පිටපතක් ගිනි තැබීම ශ්‍රී ලංකාව හෙළා දකියි.

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ක්‍රියාත්මක කිරීමේ දී අන්‍යයන්ගේ අයිතිවාසිකම්වලට ගරු කරන ආකාරයෙන් එය ක්‍රියාත්මක කිරීමේ වගකීම සැවොම මත පැවරෙන අතර, ආගම මුල් කරගනිමින් ජනතාව අතර බෙදීම් හා වෛරය ඇති කිරීම සඳහා ඉවහල් වන මෙවලමක් ලෙස එම නිදහස අවභාවිතා නොකළ යුතු වේ.

 ජාතික හා ජාත්‍යන්තර සාමය සහ සංහිඳියාව ගොඩනැගීමේ දී ප්‍රජාවන් අතර ධ්‍රැවීකරණයට තුඩු දෙන ආගමික මතභේද සහ වෛරී ක්‍රියාවන් වැළැක්වීමට සියලුම රටවල් සහ පුද්ගලයන් කැපවිය යුතු ය.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 ජූනි 30 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close