සර්බියාවේ පළමු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා විදේශ කටයුතු අමාත්‍ය ඉවිකා දාචිච් මහතා ශ්‍රී ලංකාවේ සංචාරය කරයි: වෙළෙඳ හා වාණිජ සබඳතා මෙන්ම පුද්ගලාන්තර සහයෝගිතාව දියුණු කිරීමේ මං සොයා බැලීමට දෙපාර්ශ්වයම එකඟ වේ.

සර්බියාවේ පළමු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා විදේශ කටයුතු අමාත්‍ය ඉවිකා දාචිච් මහතා ශ්‍රී ලංකාවේ සංචාරය කරයි: වෙළෙඳ හා වාණිජ සබඳතා මෙන්ම පුද්ගලාන්තර සහයෝගිතාව දියුණු කිරීමේ මං සොයා බැලීමට දෙපාර්ශ්වයම එකඟ වේ.

සර්බියානු ජනරජයේ පළමු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා විදේශ කටයුතු අමාත්‍ය ඉවිකා දාචිච් මහතා අද (8) දින සිය දෙදින ශ්‍රී ලංකා නිල සංචාරය නිමාවට පත් කළේය.

මෙම සංචාරය අතරතුරදී අමාත්‍ය දාචිච් මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය, විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන සහ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරුන් හමුවී සාකච්ඡා පැවැත්වීය.

පුළුල් පරාසයකට අයත් ද්විපාර්ශ්වික සහ ගෝලීය වශයෙන් වැදගත් වන කරුණු රැසක් සර්බියානු විදේශ කටයුතු අමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා අතර සාකච්ඡාවට බඳුන් විය. ආයෝජන අවස්ථා, විශේෂයෙන්ම, කෘෂිකාර්මික, ආහාර සැකසුම්, හා ඉදිකිරීම් ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථා; අධ්‍යාපන, ක්‍රීඩා, ප්‍රවාහන, හා සංචාරක ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩිදියුණු කිරීම; සහ සර්බියාව හා ශ්‍රී ලංකාව අතර ඇති වීසා ලබාගැනීමේ ක්‍රමය වඩාත් ලිහිල් කිරීම පිළිබඳව ව්‍යුහාත්මක ආකාරයෙන් ඉදිරි මං සොයා බැලීම සඳහා දෙරටේ විදේශ අමාත්‍යාංශ අතර කෙරෙන උපදේශනවල දෙවැනි වටය හැකි ඉක්මනින් පැවැත්වීමට අමාත්‍යවරු දෙපළ එකඟ වූහ.

රටවල් දෙක අතර කෙරෙන සංචාරක කටයුතු ඉහළ නැංවීමේ විශේෂ අරමුණෙන් යුතුව ශ්‍රී ලංකාව සහ සර්බියාව අතර ගුවන් සේවා ගිවිසුමකටද අද දින අත්සන් තැබිණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රවාහන හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාද සර්බියාව වෙනුවෙන් අමාත්‍ය ඉවිකා දාචිච් මහතාද එම ගිවිසුමට අත්සන් තැබූහ.

ශ්‍රී ලංකාව සහ සර්බියාව අතර ඉතා සමීප මෙන්ම ඓතිහාසික සබඳතාවක් පවතින අතර, අනාගතයේදී දෙරට අතර ඇති වන සහයෝගීතාව, පුද්ගලාන්තර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම, වෙළෙඳ සබඳතා තර කිරීම මෙන්ම අන්තර්-රාජ්‍ය මට්ටමෙන් වඩාත් ප්‍රබල හවුල්කාරීත්වයක් ගොඩනගාගැනීම යන කරුණු කෙරෙහි සිය අවධානය යොමු කරනු ඇතැයි අපේක්ෂිතය.

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
 
2018 මැයි 8 වැනිදා

 

sinpdf

 

 

SLPM-DPMSrb DepPM-Spkr

DSC_6769

DSC_6803

DSC_6848

Print Friendly, PDF & Email
Please follow and like us:

Close