සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා සහයෝගිතා සහ හවුල්කාරිත්ව දිරිමත් කිරීම: ජාතික ස්වාධීන සංචාරක නියෝජිතයන්ගේසංගමය (NAITAS) සඳහා NKAR ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් ආයතනය සිදු කළ ඉදිරිපත් කිරීම

සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා සහයෝගිතා සහ හවුල්කාරිත්ව දිරිමත් කිරීම: ජාතික ස්වාධීන සංචාරක නියෝජිතයන්ගේසංගමය (NAITAS) සඳහා NKAR ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් ආයතනය සිදු කළ ඉදිරිපත් කිරීම

මෑතක දී එනම් 2021 දෙසැම්බර් 04 වැනි දින පවත්වන ලද ජාතික ස්වාධීන සංචාරක නියෝජිතයන්ගේ සංගමයේ (NAITAS)  සංචාරක ප්‍රදර්ශනයේ දෙමුහුන් කලාපයේ ඒකාබද්ධ හවුල්කරුවන් වශයෙන් මැනිලා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය සමඟ එක්ව සාර්ථකව සහභාගී වූඅතර එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කළ සහභාගීවන්නන් යොමු කළ ඉල්ලීමකට අනුව NAITAS හි සාමාජිකයන් සමඟ අතථ්‍ය ඉදිරිපත් කිරීමක් සංවිධානය කිරීමට තානාපති කාර්යාලයසිය සහය ලබා දුන් අතර පළමුව NKAR ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් සමඟ 2021 දෙසැම්බර් 21 වැනි දින ඉදිරිපත් කිරීමක් සංවිධානය කළේ ය. පැයක කාලයක් මුළුල්ලේ පැවති මෙම සැසිය සඳහා පිලිපීන සංචාරක නියෝජිතයන් 25 දෙනෙකුට වැඩි පිරිසක් සහභාගී වූහ.

NKAR ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස්හි කළමනාකරු වන මලින්ද සමරසේකර මහතා ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ වත්මන් ප්‍රගතිය වර්තමානයේ දී සංචාරකයන් මෙරටට ප්‍රවේශ  වීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටි සහ NKAR ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් හි සංචාරක පැකේජ පිළිබඳ සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදු කළේය. අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වන ව්‍යාපාරික කටයුතු හරහා පිලිපීනය තුළ තම වෙළඳපොළ පුළුල් කර ගැනීම සඳහා පිලිපීන සංචාරක නියෝජිතයන් සමඟ කටයුතු කිරීමට තම සමාගම තුළ ඇති උනන්දුව පිළිබඳව ද එතුමා විස්තර කළේය.

පිලිපීන සංචාරක නියෝජිතයන් සංචාරක ආකර්ෂණීය ස්ථාන, පැකේජ, මිල නියම කිරීම් සහ අනෙකුත් ගැටළු පිළිබඳව යොමු කළ විමසීම් ඇතුළත් අන්තර්ක්‍රියාකාරී ප්‍රශ්නෝත්තර සැසියක් මෙම ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැවැත්විණි.

මේ අතරතුර ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා පිලිපීන සංචාරක නියෝජිතයන් සහ සංචාරකයන් සමඟ සම්බන්ධ වෙමින් NKAR ආයතනය ක්‍රියාත්මක කරන මුලපිරීම්වලට සහය පළ කිරීමට කැපවන බව NAITAS හි සභාපතිනිය වන ෆ්ලෝරන්ස් රිවේරා මහත්මිය සඳහන් කළාය.

NAITAS සමඟ පැවැත්වීමට යෝජිත දැන හැඳින ගැනීමේ සංචාරයේ කටයුතු සම්බන්ධයෙන් සහ සිය සාමාන්‍ය සාමාජිකත්වය සහ ව්‍යාපාරික රැස්වීම තාවකාලික වශයෙන් 2022 පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාව තුළ පැවැත්වීම සඳහා තානාපති කාර්යාලය මේ වන විට කටයුතු කරමින් සිටියි.

වසංගතය ව්‍යාප්තියට පෙර සහපාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරයෙන් පසුව පවා ශ්‍රී ලංකාවට ඉහළම සංචාරක පිරිසක් පැමිණෙන අසල්වැසි ආසියාන් රටවල් අතරින් ප්‍රමුඛස්ථානය පිලිපීනයට හිමි විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

මැනිලා

2021 දෙසැම්බර් 28 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close