ශ්‍රී ලංකා - සිම්බාබ්වේ සබඳතා කඩිනම් කිරීමට මහ කොමසාරිස් අමරසේකර මැතිතුමා කටයුතු කරයි

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ සබඳතා කඩිනම් කිරීමට මහ කොමසාරිස් අමරසේකර මැතිතුමා කටයුතු කරයි

දකුණු අප්‍රිකා​වෙහි ශ්‍රී ලංකා මහ කොමසාරිස් එස්. අමරසේකර මැතිතුමා පසුගියදා ප්‍රිටෝරියා හි සිම්බාබ්වේ තානාපති කාර්යාලයේ දී දකුණු අප්‍රිකා​වෙහි සිම්බාබ්වේ තානාපති ඩේවිඩ් හමාඩ්සිරිපි මැතිතුමා හමු විය.

මෙම හමුවේ අරමුණ වූයේ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා ඉහළ නැංවීමයි. සිම්බාබ්වේ යනු, දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සඳහා සමගාමීව අක්ත ගන්වා ඇති රටවල් 9 න් එකකි.

සංවර්ධනය වෙමින් පවතින රටවල් වන ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ වැනි රටවල, යහපත් කාර්ය සාධනයක් සහ නව්‍ය අදහස් පෙන්නුම් කරන, දෙරටේම සාර්ථකත්වයන්හි ප්‍රවීණතාව​ය/ දැනුම හා පළපුරුද්ද හුවමාරු කර ගැනීම​ සඳහා තවදුරටත් සහයෝගීතාවයෙහි වැදගත්කම පිළිබඳව මහ කොමසාරිස් අමරසේකර මැතිතුමා මෙම රැස්වීමේ දී අවධාරණය කළේය. තවද, අමුද්‍රව්‍ය සැපයීමේ වෙළඳ අවස්ථා, සෘතුමය එළවළු සහ පළතුරු ආනයනය හා අපනයනය යනාදී දෙපාර්ශ්වය විසින්ම තවමත් ප්‍රයෝජනයට නොගෙන පවතින, විය හැකි සහයෝගිතා ක්ෂේත්‍ර පිළිබඳව මහ කොමසාරිස්වරයා පෙන්වා දුන්නේය.

සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර පවතින සබඳතා වැඩිදියුණු කිරීම සඳහා පවතින උනන්දුව පිළිබඳව තානාපති හමාඩ්සිරිපි මැතිතුමා මහ කොමසාරිස්වරයාට ස්තූති කළේය. සිම්බාබ්වේ සිට ලෝක වෙළඳපොල වෙත යවනු ලබන කෘෂිකාර්මික නිෂ්පාදන කාණ්ඩ සහ එම කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා කාබනික පොහොර සාර්ථකව භාවිතා කිරීම පිළිබඳව එතුමා තවදුරටත් පැහැදිලි කළේය. මෙම සාකච්ඡාවේදී, රට කාබනික ගොවිතැනක් බවට පත් කිරීමේ නවතම මුලපිරීම් සමඟ පවතින දුර්වලතා සම්බන්ධයෙන්, කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය සහ කාබනික ගොවිතැන පිළිබඳ තාක්‍ෂණික දැනුම ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශවල බලධාරීන් වෙත සම්බන්ධීකරණය කොට හුවමාරු කර ගැනීම සඳහා සහය ලබා දෙන ලෙස මහ කොමසාරිස් අමරසේකර මැතිතුමා තානාපති හමාඩ්සිරිප් මැතිතුමාගෙන් ඉල්ලා සිටියේය.

මෙම හමුව සඳහා දූත මණ්ඩල දෙකෙහිම ජ්‍යේෂ්ඨ නිලධාරීහු ද සහභාගී වූහ.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

ප්‍රිටෝරියා

2021 සැප්තැම්බර් 09 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close