ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ කොන්සල් ජනරාල් කාර්යාලය ත්‍රස්තවාදයේ වින්දිතයින් වෙනුවෙන් ප්‍රථම ජාත්‍යන්තර අනුස්මරණ දිනය හා උපහාර උළෙල පවත්වයි

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ කොන්සල් ජනරාල් කාර්යාලය ත්‍රස්තවාදයේ වින්දිතයින් වෙනුවෙන් ප්‍රථම ජාත්‍යන්තර අනුස්මරණ දිනය හා උපහාර උළෙල පවත්වයි

ඔටාවා හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ ටොරොන්ටෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය ප්‍රථම වරට ජාත්‍යන්තර අනුස්මරණ දිනය හා ත්‍රස්තවාදයෙන් විපතට පත් වූවන්ට උපහාර දැක්වීම 2021 අගෝස්තු 21 දින ප.ව. 6.00 ට අතථ්‍ය ලෙස පැවැත්වීය.

ත්‍රස්තවාදයෙන් විපතට පත් වූවන්ට සහ දිවි ගලවා ගත් අයට ගෞරවය හා සහයෝගය දැක්වීම සහ ඔවුන්ගේ මානව හිමිකම් සහ මූලික නිදහස පිළිබඳ පූර්ණ භුක්ති විඳීම ප්‍රවර්‍ධනය කිරීම හා ආරක්ෂා කිරීම සඳහා, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72/165 (2017) යෝජනාව මඟින් අගෝස්තු 21 වැනි දින ත්‍රස්තවාදයේ වින්දිතයින් සිහිපත් කිරීමේ හා ඔවුන්ට උපහාර දැක්වීමේ ජාත්‍යන්තර දිනය ලෙස නම් කරන ලදී.

ත්‍රස්තවාදයට ගොදුරු වූ සියලු දෙනා සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමෙන් අනතුරුව වැඩසටහන ආරම්භ විය. කැනඩාවේ වැඩබලන ශ්‍රී ලංකා මහ කොමසාරිස් සිතාරා ඛාන් මහත්මිය පිළිගැනීමේ කතාව පැවැත්වූවාය. ටොරොන්ටෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කපිල ජයවීර මහතා ද දේශනයක් කළේය.

නැගෙනහිර කැනඩාවේ ඩොන් වැලි හි පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කැනඩාවේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව කණ්ඩායමේ සභාපතිනි යස්මින් රටන්සි මහත්මිය උත්සවය අමතමින්, ඇය ශ්‍රී ලංකාවේ සහ උතුරු සහ නැගෙනහිර පළාත්වල නිරත වූ සංචාරයන් සිහිපත් කළ අතර, “එල්ටීටීඊ සංවිධානය විසින් ඔවුන් වෙනුවෙන් සටන් කිරීම සඳහා කුඩා දරුවන් රැගෙන ගිය සමහර ස්ථාන නැරඹීම සහ එල්ටීටීඊය විසින් දෙමළ ජනතාවම මිනිස් පලිහක් ලෙස භාවිතා කළ බවට වූ බිහිසුණු කථා අසන්නට ලැබීම මට වැදගත් විය” යයි සඳහන් කළාය.

ප්‍රධාන දේශනය ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ සහ මැක්මාස්ටර් විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ වාර මහාචාර්ය, ෆෙඩරල් රාජ්‍ය සේවයේ කැනේඩියානු සිවිල් සේවය හිටපු සිවිල් සේවා නිලධාරී සහ ජාතික සමාජ සංවර්ධන ආයතනයේ (NISD) සමාජ කටයුතු පිළිබඳ මහාචාර්ය ආචාර්ය සරත් චන්ද්‍රසේකර මහතා විසින් සිදු කරන ලදී. මහාචාර්ය චන්ද්‍රසේකර සිය දේශනයේ දී එක්සත් ජාතීන්ගේ නිර්වචනවලට අනුව ‘ත්‍රස්තවාදය’ සහ ජන සංහාරය අර්ථ දැක්වූ අතර, ත්‍රස්ත ප්‍රහාරයන්ට ගොදුරු විය හැකි රටවල් සහ එය ලෝකයේ මිනිසුන්ගේ සමාජ ජීවිතයට බලපෑවේ කෙසේ ද යන්න පැහැදිලි කළේය. ශ්‍රී ලංකාවේ අත්දැකීම ගැන ද සඳහන් කළ ඔහු, “කොටි සංවිධානය මිනිසුන්ට දායක වීමට බල කළ අතර, ප්‍රමුඛ දායකයෙක් වෙමින් කැනඩාව මාසිකව ලබා දුන් කැනේඩියානු ඩොලර් 280,000 ක මුදල, ආයුධ මිලදී ගැනීම සඳහා යොදවන ලදී. කැනඩාවේ දෙමළ ව්‍යාපාරවලට තම ආදායමෙන් හෝ ලාභයෙන් 10% සිට 20% දක්වා ඊනියා විමුක්ති යුද්ධය සඳහා ගෙවන ලෙස ඉල්ලා සිටියේය. එල්ටීටීඊය රජයේ පාසල් ආක්‍රමණය කර සිසුන්, ළමයින් තම සේවය සඳහා බඳවා ගත් අතර, ආබාධිත කාන්තාවන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස භාවිතා කරන ලදී.” යයි ද මහාචාර්ය චන්ද්‍රසේකර මහතා සඳහන් කළේය.

හොඳ සහභාගීත්වයක් පැවති මෙම අංගය, මහ කොමසාරිස් කාර්යාලයේ උපදේශක ලෂින්කා දම්මුල්ලගේ මහත්මිය විසින් මෙහෙයවන ලදී.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

ඔටාවා

2021 අගෝස්තු 25 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close