ශ්‍රී ලංකාව සහ ශාන්ත ලුසියා රාජ්‍යය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇරඹෙයි

ශ්‍රී ලංකාව සහ ශාන්ත ලුසියා රාජ්‍යය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇරඹෙයි

Photo 2

2019 ජූනි 25 වැනි දින සිට ශ්‍රී ලංකාව සහ ශාන්ත ලුසියා රාජ්‍යය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමට දෙරටේ රජයන් තීරණය කොට තිබේ. එක්සත් ජාතීන් සඳහා වූ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තානාපති ආචාර්ය අම්රිත් රොහාන් පෙරේරා සහ එක්සත් ජාතීන් සඳහා වූ ශාන්ත ලුසියා නිත්‍ය නියෝජිත තානාපති කොස්මොස් රිචඩ්සන් යන මහත්වරුන් විසින් දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපනය කිරීමේ ගිවිසුමට 2019 ජූනි 25 වැනි දින නිව්යෝර්ක් නුවරදී අත්සන් තබන ලදී.

ශ්‍රී ලංකාව සහ ශාන්ත ලුසියා රාජ්‍යය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමෙන් දේශපාලන, සමාජ- ආර්ථික සහ සංස්කෘතික ක්ෂේත්‍රවල දෙරට අතර දැනට පවත්නා මිත්‍ර සබඳතා හා සහයෝගීතාව දෙරටේම අන්‍යොන්‍ය යහපත පිණිස තවදුරටත් වර්ධනය වනු ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
 
2019 ජූනි 28 වැනිදා
Photo 1 Photo 3
Print Friendly, PDF & Email
Please follow and like us:

Close