ශ්‍රී ලංකාව සහ භූතානය අතර ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනවල දෙවැනි වටයේ සාකච්ඡා 2025 මැයි 27 වැනි දින තිම්පූහි විදේශ කටයුතු සහ විදේශ වෙළඳ අමාත්‍යාංශයේදී පැවැත්වේ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා සහ භූතානයේ විදේශ ලේකම් පේමා චෝඩන් යන මහත්මීන්ගේ සම සභාපතිත්වය යටතේ මෙම උපදේශන සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
2015 නොවැම්බර් මාසයේදී කොළඹදී පැවති ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනවල පළමු වටයේ සාකච්ඡා පැවැත්වීමෙන් පසු ලබා ඇති ප්‍රගතිය ඉදිරි උපදේශන සාකච්ඡාවලදී සමාලෝචනය කෙරේ. අධ්‍යාපනය, සෞඛ්‍යය, සංස්කෘතිය, සම්බන්ධතාවය සහ ජනතාව අතර සම්බන්ධතා, වෙළඳාම සහ ආයෝජන, සංචාරක ව්‍යාපාරය සහ දේශගුණික විපර්යාස ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍රවල දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි මෙම සාකච්ඡාවල අවධානය යොමු වනු ඇත.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ
2025 මැයි 23 වැනි දින


