ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර කොළඹදී පැවැත්වීමට නියමිත 5 වැනි වටයේ ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනය

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර කොළඹදී පැවැත්වීමට නියමිත 5 වැනි වටයේ ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනය

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනවල 5 වැනි වටය 2023 අගෝස්තු 28 වැනි දින කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්වීමට නියමිත ය.

විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය සහ තායිලන්තයේ විදේශ කටයුතු පිළිබඳ නිත්‍ය ලේකම් සරුන් චරුඑන්සුවන් මහතා මෙම උපදේශනවල සම සභාපතිත්වය දරනු ඇත.

දේශපාලන කටයුතු, වෙළඳ සහ ආයෝජන කටයුතු, ආරක්‍ෂක කටයුතු, සංස්කෘති කටයුතු සහ සංචාරක ව්‍යාපාරය යන අංශ ඇතුළුව දෙරට අතර පවත්නා සහයෝගීතාව සහ හවුල් උනන්දුව විදහා දැක්වෙන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි, දෙරටේ ද්විපාර්ශ්වික සබඳතාවල වත්මන් තත්ත්වය තක්සේරු කිරීම මෙම උපදේශනවල අපේක්ෂාව වේ.

දෙරට අතර ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනවල 4 වැනි වටය 2018 පෙබරවාරි 28 වැනි දින කොළඹ දී පැවැත්විණි.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 අගෝස්තු 25 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close