ශ්‍රී ලංකාව සඳහා සල්ස්බර්ග් හි නිර්වේතනික කොන්සල්වරයා අභිනවයෙන් පත් කෙරේ

ශ්‍රී ලංකාව සඳහා සල්ස්බර්ග් හි නිර්වේතනික කොන්සල්වරයා අභිනවයෙන් පත් කෙරේ

ශ්‍රී ලංකාව සඳහා ඔස්ට්‍රියාවේ සල්ස්බර්ග් හි අභිනව නිර්වේතනික කොන්සල්වරයා වශයෙන් පත් වූ ක්‍රිස්ටියන් වින්සර් මහතා වෙත තානාපති මජින්ත ජයසිංහ මැතිතුමා විසින් සිය පත්වීමේ ලිපිය භාරදෙන ලදි.

ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල්වරයා ලෙස අභිනවයෙන් පත් වූ වින්සර් මහතා වසර 70 කට වැඩි කාලයක් සෞඛ්‍ය, ස්වභාවික නිෂ්පාදන සහ බලයලත් කාබනික ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් සල්ස්බර්ග් හි පිහිටි ප්‍රමුඛ පෙළේ සමාගමක් වන මයිරේඩර් (Mayreder) සමාගමට අනුබද්ධ බයෝ නරුන්ග්ස්මිට්ල් (Bio-Nahrungsmittel) සමාගම 1979 දී ආරම්භ කිරීමට දායක වූ ප්‍රමුඛතම ව්‍යවසායකයෙකි. මෙම පවුලේ ව්‍යාපාරය ඔස්ට්‍රියාව, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ප්‍රංශය, චෙක් ජනරජය, හංගේරියාව සහ යුරෝපයේ සෙසු රටවල කාබනික ආහාර වෙළඳාමේ විශ්වාසදායක හවුල්කරුවෙකි. මෙම සමාගම ශ්‍රී ලංකාවෙන් කැබලි කරන ලද වියළි පොල් ආනයනය කරයි.

ඔස්ට්‍රියාවේ 4 වැනි විශාලතම නගරය වන සල්ස්බර්ග් නගරය ව්‍යාපාර ගනුදෙනු සඳහා ආර්ථික කේන්ද්‍රස්ථානයක් වන අතර ලෝක වෙළෙඳපොළ ප්‍රමුඛයින් බොහොමයක් ඇතුළුව සුප්‍රසිද්ධ ඔස්ට්‍රියානු නවීන සහ මනා ස්ථාපිත ප්‍රමුඛ පෙළේ සමාගම් සිය මූලස්ථානය මෙම නගරයේ පිහිටුවා ඇත. ඓතිහාසික කේන්ද්‍රස්ථානයක් වන සල්ස්බර්ග් නගරය යුනෙස්කෝව විසින් ලෝක උරුම අඩවියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර එය ප්‍රියතම සංචාරක ගමනාන්තයක් ද වේ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය

වියානා

2022 ජූලි 08 වන දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close