
උස්බෙකිස්තාන ජනරජයේ රජය විසින් ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව ශ්‍රී ලංකාව සඳහා ඉස්ලාමාබාද් නුවර සිටින උස්බෙකිස්තාන ජනරජයේ පළමු අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරයා ලෙස අතිගරු ඇලිෂර් ටුක්ටායිව් මැතිතුමා පත් කර තිබේ. එම මහතා 2025 ජූලි 24 වැනි දින පෙ.ව.9.30ට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මැතිතුමා වෙත අක්තපත්‍ර පිළිගන්වන ලදී.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ
2025 ජූලි 24 වැනි දින



Please follow and like us:


