ශ්‍රී ලංකාව පිළිබඳව

දකුණු ආසියාවේ ඉන්දියන් සාගරයේ පිහිටා ඇති නිවර්තන දූපත් රටක් වන ශ්‍රී ලංකාවට සහස්‍ර දෙකකට අධික වාර්තාගත ඉතිහාසයක් ඇත. බුද්ධාගමේ බලපෑමෙන් පොහොසත් වී ඇති සංස්කෘතික උරුමයක් සතු බහු වාර්ගික, බහු-ආගමික රටක් වන ශ්‍රී ලංකාව යනු වෙනස්වීම්වලට භාජනය නොවීම නිසා සොබාදහමේ සුන්දරත්වයෙන් බහුල ස්ථානයකි.


සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව සංචාරකයෙකුට සිත් ඇදගන්නා සුළු භූ දර්ශන, පෞරාණික වෙරළ තීරයන් සහ සංස්කෘතික උරුමයන් ආකර්ශනීය ලෙස සුවිශේෂී සංයෝජනයක් ලබා දෙයි. වර්ග කිලෝමීටර් 65,610ක භූමි ප්‍රදේශයක යුනෙස්කෝ ලෝක උරුම ස්ථාන අටක් (8), කිලෝමීටර්1,330ක වෙරළබඩ තීරයක්, වන සතුන්ගේ බහුලත්වය පෙන්නුම් කරමින් වනෝද්‍යාන 15ක්,  අක්කර500,000කට ආසන්න සරු තේ වතු, උද්භිද උද්‍යාන අක්කර 250ක්, දිය ඇලි 350ක් සහ ජලාශ 25,000කින් සමන්විත වෙයි.


ඉන්දියානු සාගරයේ මුතු ඇටය ලෙස හැඳින්වෙන ශ්‍රී ලංකා දූපත එහි දීර්ඝ ඉතිහාසයේ විවිධ කාලවලදී සෙරන්ඩිබ්, තැප්‍රොබේන් සහ ලංකාව ලෙස හඳුන්වනු ලැබීය.

ශ්‍රී ලංකාවේ ජාතික ධජය

1948පෙබරවාරි 04වන දින ශ්‍රී ලංකාව නිදහස ලැබීමටත්  පෙර ජාතික ධජයක අවශ්‍යතාවය පිළිබඳව සාකච්ඡා කෙරිණි. මඩකලපුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. සින්නලෙබ්බේ මහතා  1815දී බ්‍රිතාන්‍යයට ගෙන යන ලද ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ සිංහ කොඩිය ජාතික ධජය බවට පත් කළ යුතුය යන්න යෝජනා කරමින් 1948ජනවාරි 16වන දින රාජ්‍ය මන්ත්‍රණ සභාවේ යෝජනාවක් ඉදිරිපත් කළේය. මෙය විවාදයට භාජනය වූ අතර පසුව අගමැති අතිගරු. ඩී. එස්. සේනානායක මැතිතුමා විසින්  එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක (සභාපති), ශ්‍රීමත් ජෝන් කොතලාවල, ජේ.ආර්. ජයවර්ධන, ටී. බී. ජයා, ආචාර්ය එල්.ඒ.රාජපක්ෂ, ජී.ජී. පොන්නම්බලම් සහ සෙනෙට් සභික එස්. නදීසන් යන මැතිතුමන්ලාගෙන් සමන්විත උපදේශක කමිටුවක් නම් කරන ලදී.

1948පෙබරවාරි 04වන දින පළමු නිදහස් දිනය සමරන අවස්ථාවේදී ජාතික ධජයක් සැකසීම සඳහා කමිටුවක් පත් කරනු ලැබ තිබුණ ද ඒ පිළිබඳ අවසාන නිගමනයකට එළඹ නොතිබුණි. කෙසේවෙතත්, එදින සිංහ කොඩිය ඔසවන ලදී. 1948පෙබරවාරි 19වන දින ස්වාධීන ශ්‍රී ලංකාවේ (එවකට ලංකාව) පළමු පාර්ලිමේන්තුව විවෘත කිරීමේ අවස්ථාවේ දී,  සිංහ කොඩිය සහ බ්‍රිතාන්‍ය සංගම් කොඩිය ඔසවන ලදී. 1948 පෙබරවාරි 12වැනි දින මහනුවර දී පැවති නිදහස් සැමරුම් උත්සවයේදී අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා විසින් පත්තිරිප්පුවේ දී සිංහ කොඩිය ඔසවන ලදී.

විශේෂ කමිටුව විසින් නිර්දේශ කරන ලද ජාතික ධජය 1951මාර්තු 02වන දින ඩී. එස්. සේනානායක මැතිතුමාවිසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. එහි ඉරි දෙකක් විය, කොළ පාටින් මුස්ලිම් ජනයාත් සහ තැඹිලි පාටින් ද්‍රවිඩ ජනයාත් නියෝජනය කෙරීය. මෙම එක් එක් ඉර ධජයේ ප්‍රමාණයෙන් හතෙන් එකක ප්‍රමාණයට සමාන විය යුතු විය.

1972දී ශ්‍රී ලංකාව ප්‍රථම වරට ජනරජයක් බවට පත් කරන ලද අවස්ථාවේ, ජාතික ධජයේ නිරූපිත සාම්ප්‍රදායික බෝ කොළ ස්වාභාවික බෝ කොළ වලට සමාන වන පරිදි වෙනස් කරන ලදී. මෙම සංශෝධිත ධජය ප්‍රථම වරට 1972මැයි 22දින පැවති ජනරජ දින සැමරුමේදී ඔසවන ලදී. 1978සැප්තැම්බර් 09වන දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවන කොටසේ 6වන වගන්තියේ ජාතික ධජය ඇතුළත් කර ඇත.

නව බෝ කොළ හැරුණු විට, වර්තමාන ධජය 1951 මාර්තු02 දින ජාතික ධජ සැකසීමේ කමිටුව විසින් නිර්දේශ කරන ලද ධජයම වේ.


ශ්‍රී ලංකාවේ ජාතික ලාංඡනය

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය කිරීට යටත් විජිතයක් ලෙස තිබූ සමයේ බ්‍රිතාන්‍ය ලාංඡනය භාවිතා කළ අතර 1948දී නිදහස ලැබීමෙන් පසුවද එය දිගටම භාවිතා කරන ලදී. ශ්‍රී ලංකාවට වඩාත් සුදුසු රාජ්‍ය ලාංඡනයක් සැකසීම සඳහා පත් කරන ලද තේරීම් කමිටුවක නිර්දේශයන්ට අනුව, ඔවුහු නව රාජ්‍ය ලාංඡනයක් තෝරා ගත්හ. එහි දකුණු පූර්ව පාදයේ කඩුවක් සහිත සිංහයෙකු සිටි අතර එහි ඉහළින් ‘පලාපෙති’ මෝස්තරයක් ඇත. පහතින්, රටේ නම සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂාවලින් දැක්වෙන තීරුවක් විය.

1972මැයි 22වන දින ජනරජයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් පසු නව ජනරජ ලාංඡනයක් තෝරා ගන්නා ලදී. කඩුවක් සහිත සිංහයා සහ ‘පලාපෙති’ සැලසුමට අමතරව එය පුන්කලස, ධම්මචක්‍රය, හිරු, සඳු සහ වී කරල් දෙකක් නිරූපණය කරයි. 

ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය

නිල් මහනෙල් මල, 1986පෙබරවාරි 26වන දින ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය ලෙස ප්‍රකාශයට පත් කරන ලදි. එහි උද්භිද විද්‍යාත්මක නාමය ‘Nympheae stellata’ ය. මෙම මල බොහෝ සිංහල, පාලි සහ සංස්කෘත සාහිත්‍ය කෘතිවල සඳහන් වේ. “කුවාලයා”, “ඉන්දීවර”, “නිලුප්පුල”, ​​“නිලෝත්පොල” සහ “නිලුපුල්” ලෙසද හඳුන්වනු ලබන මෙම මල බෞද්ධ සාහිත්‍යයේ ද ප්‍රමුඛ ස්ථානයක් ගනී. සිද්ධාර්ථ කුමරුගේ පියසටහන්වල තිබී සොයාගත් මංගලමය මෝස්තර 108අතරට ‘නිල් මහනෙල් මල්’ ද ඇතුළත් වූ බව කියනු ලැබේ. මෙය ඉතිහාසය පුරාම මංගලමය  මලක් වූ බව සනාථ වේ. සිගිරිය බිතු සිතුවම්වල නිරූපණය කර ඇති යුවතියන් ද නිල් මහනෙල් මල් තම අත්වල ගෙන යන බවට විශ්වාස කෙරේ. සාම්ප්‍රදායික කාව්‍යයක් වන “සංදේශ කාව්‍යයේ” කාන්තාවන්ගේ ඇස් නිල් මහනෙල් මල හා සමාන කරයි. එය කන් ආභරණයක් ලෙසද භාවිතා කර ඇත.

නොගැඹුරු ජලයේ වැඩෙන නිල් මහනෙල් ශාඛය රටේ සෑම ප්‍රදේශයකම දක්නට ලැබේ. දම් පැහැයෙන් යුත් නිල් පාට මලෙහි මධ්‍යයේ පෙති විශාල ලෙස සාන්ද්‍රණයක් වී ඇත. නිල් මහනෙල් මල සත්‍යය, පාරිශුද්ධභාවය සහ විනය යන ඒවායේ සංකේතයක් ලෙස ද සැලකේ.

ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය

නා ගස ජාතික වෘක්ෂය ලෙස ප්‍රකාශයට පත්කිරීමේ යෝජනාවක් 1986පෙබරවාරි 26වන දින කැබිනට් මණ්ඩලය විසින් සම්මත කරන ලදී. සමාජ හා සංස්කෘතික වශයෙන් ශ්‍රී ලංකාව ශතවර්ෂ ගණනාවක් තිස්සේ නා ගස සමඟ සමීපව සම්බන්ධ වී ඇත. එය හේතු 7ක් නිසා ජාතික වෘක්ෂයලෙස තෝරා ගන්නා ලදී.

 (1) එය ශ්‍රී ලංකාවේ සම්භවය ලද ගසකි;

(2) එහි උපයෝගීතාව;

(3)ඓතිහාසික හා සංස්කෘතික වැදගත්කම;

(4) බාහිර පෙනුම;

(5) පුළුල් ව්‍යාප්තිය;

(6) වර්ණය හා ස්වභාවය;

(7) එය පහසුවෙන් ඇඳීමට හා සිතුවම් කිරීමට ඇති හැකියාව.උද්භිද විද්‍යාත්මකව එය “Mesua nagassarium” ලෙසත් ඉංග්‍රීසියෙන් එය යකඩ ගස (Iron wood)ලෙසත් හැඳින්වේ. ඒකදේශීය ශාඛයක් වන මෙය උද්‍යානවල ද වගා කරනුයේ එහි අලංකාරය නිසාය. ඉංග්‍රීසි නාමයෙන් දැක්වෙන පරිදි මෙම ශාඛය ඉතා දෘඩ හා කල් පවතින ශාඛයකි. පන්සල් සහ දේවාල ඉදිකිරීම සඳහා මෙමදැව භාවිතා කෙරේ.

 

Close
Zoom