ශ්‍රී ලංකාව දෝහා නුවර පැවති “EnviroteQ|AgriteQ 2022” ප්‍රදර්ශනය සඳහා සහභාගී වෙයි

ශ්‍රී ලංකාව දෝහා නුවර පැවති “EnviroteQ|AgriteQ 2022” ප්‍රදර්ශනය සඳහා සහභාගී වෙයි

ගල්ෆ් සහයෝගීතා කවුන්සිලයේ වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ප්‍රවර්ධනය කිරීම සහ ඔවුන්ට පහසුකම් සැලසීමේ අරමුණින්, දෝහා නුවරශ්‍රී ලංකා තානාපති කාර්යාලය අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ එක්ව, 2022 මාර්තු 10-14 යන දිනවල දෝහා නුවරප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය (DECC) තුළ 9 වැනි වරට පැවති කටාර් හි ජාත්‍යන්තර කෘෂිකාර්මික ප්‍රදර්ශනය වන AgriteQ 2022 ප්‍රදර්ශනය තුළ ශ්‍රී ලංකාවේ කෘෂි නිෂ්පාදන ප්‍රථම වරට විදහා දැක්වීම සඳහා කටයුතු සම්පාදනය කළේ ය.

ශ්‍රී ලංකාව මෙම ප්‍රදර්ශනය සඳහා සහභාගී වූයේ දෙවැනි වරටය. ට්‍රැඩ්ලන්කා ඇග්‍රිකල්චරල් එන්ටප්‍රයිසස් (පුද්.) සමාගම (ආරිය ෆුඩ්), නෙක්ස්පෝ කන්වර්ෂන් (පුද්.) සමාගම (නිර්මාංශ හා සම්ප්‍රදායක පිටි කළ පොල් නිෂ්පාදන), ජයලංකා සප්ලයර්ස් (කිතුල් පැණි හා තල ආශ්‍රිත නිෂ්පාදන, කුළුබඩු), කැන්ඩ්‍රික් ටී බෙවරේජස් ලංකා (පුද්.) සමාගම (ලංකා තේ) සහ සිළු ෆැෂන්ස් (අත්කම් හා බතික් නිෂ්පාදන) යන ආයතන ද ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශන කුටිය නියෝජනය කළහ.

කටාර් රාජ්‍යයේ අග්‍රාමාත්‍ය සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ෂෙයික් ඛලීඩ් බින් ඛලීෆා බින් අබ්දුලාසිස් අල් තානි මැතිතුමා විසින් මෙම ප්‍රදර්ශනය කටාර් වාණිජ මණ්ඩලයේ සභාපති ෂෙයික් කලීෆා බින් ජසිම් අල් තානි මැතිතුමා, කටාර් වාණිජ මණ්ඩලයේ පළමු උප සභාපති මොහමඩ් බින් ට්වාර් අල් කුවාරි මැතිතුමා සහ දෙවැනි උප සභාපති රෂීඩ් බින් හමාඩ් අල් අත්බා මැතිතුමා ඉදිරිපිට විවෘත කරන ලදි. කටාර් රාජ්‍යයේ මහ නගර, පරිසර සහ දේශගුණික විපර්යාස යන අමාත්‍යාංශ විසින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කරන ලදි.

කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති මෆාස් මොහිදීන් මැතිතුමා සහ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය EnviroteQ | AgriteQ 2022 ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය විවෘත කිරීමේ අවස්ථාව සඳහා සහභාගී වූහ.

මෙම ප්‍රදර්ශනයේ දී ලංකා තේ, ලංකා කුළුබඩු මෙන්ම සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත සහ බතික් නිෂ්පාදන සඳහා විශාල ඉල්ලුමක් දේශීය සහ විදේශගත ප්‍රජාව අතර විය.

කර්මාන්තයේ වෘත්තිකයන් සහ ප්‍රදර්ශකයින් අතර ව්‍යාපාරාන්තර රැස්වීම් පැවැත්වීම සඳහා සංවිධායකයන් විසින් පහසුකම් සලසන ලදි. ශ්‍රී ලංකාවෙන් ලංකා තේ, කුළුබඩු, නැවුම් පලතුරු සහ එළවළු ආනයනය කිරීම පිළිබඳව විමසීම සඳහා ශක්‍යතා සහිත ආනයනකරුවන් කිහිප දෙනෙක් ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශන කුටිය වෙත පැමිණියහ.

මෙම වසරේ පැවති AgriteQ ප්‍රදර්ශනය මගින් දේශීය සහ ජාත්‍යන්තර කෘෂිකර්ම පාර්ශ්වකරුවන්ට සිය විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීම, ප්‍රවණතා සහ වර්ධනයන් ගවේෂණය කිරීම සහ මෙම සුවිශේෂි අංශය සතු ව්‍යාපාරික අවස්ථා අත්පත් කර ගැනීම සඳහා සියල් සපිරි වේදිකාවක් සපයා දුන් අතර, EnviroteQ ප්‍රදර්ශනය මගින් විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් පාරිසරික විසඳුම් ලබා දීම සහ ඉදිරිපත් කිරීම, ජාත්‍යන්තර සහ දේශීය අත්දැකීම් හුවමාරු කර ගැනීම සඳහා විශේෂිත වේදිකාවක් සැපයීම සහ කටාර් රාජ්‍යයේ පවත්නා ව්‍යාපාරික අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගැනීම සඳහා මෙම ක්ෂේත්‍රයේ විශේෂඥ සමාගම්වලට අවස්ථාව ලබා දීම යනාදිය සඳහා ඵලදායී කාර්යභාරයක් ඉටු කෙරිණි.

දින පහක් මුළුල්ලේ පැවති මෙම ප්‍රදර්ශනය රටවල් 52ක ප්‍රදර්ශකයින් 650 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සංවිධානය කරන ලදි. මෙම ප්‍රදර්ශනය තුළ නිල ප්‍රදර්ශන කුටි 30 ක් ඇතුළත් විය. නරඹන්නන් 30,000 ක් පමණ සහභාගීත්වයෙන් පැවති මෙම ප්‍රදර්ශනය,මාර්තු 14 වැනි දින අවසන් කෙරිණි.

කටාර් රාජ්‍යය තුළ වෙළඳාම, සංචාරක ව්‍යාපාරය සහ සංස්කෘතිය ප්‍රවර්ධනය සිදු කිරීමේ ඉදිරි පියවරක් ලෙස, EnviroteQ |AgriteQ 2022 ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වය සැලසීම සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් පහසුකම් සපයන ලදි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

දෝහා

2022 මාර්තු 23 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close