සියෙරා ලියොන් ජනරජයේ රජය ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව ශ්‍රී ලංකාව සඳහා බීජිං නුවර සිටින සියෙරා ලියොන් ජනරජයේ මහ කොමසාරිස්වරයා වශයෙන් අතිගරු අබු බකර් කරීම් මහතා පත් කර තිබේ. ඒ මහතා 2024 ජුනි 05 වැනි දින පෙ.ව.10.00ට කොළඹ ජනාධිපති මන්දිරයේදී ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවේය.
විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
2024 ජුනී 05 වැනි දින
Please follow and like us: