ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ සාගර කටයුතු, පරිසර හා දේශගුණික විපර්යාස පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් එම්.ආර්. හසන් මහතා විසින් පවත්වන ලද පූර්ණ ප්‍රකාශය එක්සත් ජාතීන්ගේ තුන්වැනි සාගර සමුළුව ප්‍රංශයේ නීස්, 2025 ජුනි 9 සිට 13

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ සාගර කටයුතු, පරිසර හා දේශගුණික විපර්යාස පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් එම්.ආර්. හසන් මහතා විසින් පවත්වන ලද පූර්ණ ප්‍රකාශය එක්සත් ජාතීන්ගේ තුන්වැනි සාගර සමුළුව ප්‍රංශයේ නීස්, 2025 ජුනි 9 සිට 13

අතිගරුවරුනි,

සම්භාවනීය නියෝජිතයිනි,

නෝනාවරුනි, මහත්වරුනි,

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සුන්දර නීස් නගරයේ සංවිධානය කරන ලද මෙම වැදගත් සමුළුවට සහභාගී වීමට ලැබීම ශ්‍රී ලංකාවට ඉමහත් ගෞරවයක් වනවා. බහුපාර්ශ්වික සාගර පාලන ස්ථාවරයන්  බලපෑම් සහගත සන්ධිස්ථානයක පවතින අවස්ථාවක මෙම ඉහළ මට්ටමේ සාගර සමුළුව කැඳවීමට නායකත්වය දීම සම්බන්ධයෙන් ප්‍රංශයට සහ කොස්ටරිකාවට ශ්‍රී ලංකා රජය සිය අවංක කෘතඥතාව පළ කරනවා.

වර්තමානයේ, ගෝලීය ප්‍රජාව අපගේ සාගර සඳහා තිරසාර හා සියල්ල ඇතුළත් ඉදිරි මාවතක් සකස් කිරීමට ගනු ලබන ප්‍රයත්නයන්හිදී, තිරසාර සංවර්ධනය සඳහා වන සාගර, මුහුදු සහ සමුද්‍ර සම්පත් සංරක්ෂණය සහ තිරසාර ලෙස භාවිතා කිරීම ඇතුලත් වූ තිරසාර සංවර්ධන ඉලක්ක 14 හි දක්වා ඇති සාමුහික දැක්ම සමඟ ශ්‍රී ලංකාව පූර්ණ සහයෝගීතාවයෙන් යුතුව කටයුතු කරනවා.

දූපත් රාජ්‍යයක් වන අපගේ ජීවනාලිය ‘සාගරය’ යි. එහි සම්පත් තිරසාර ලෙස භාවිතා කිරීම, වගකිවයුතු සාගර පාලනය සහ මානව වර්ගයාගේ පොදු උරුමයේ කොටසක් ලෙස සමුද්‍ර ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සඳහා අප දැඩි ලෙස කැපවී සිටිනවා. අපගේ රටේ ජනගහනයෙන් 32%කට වඩා පිරිසක් වෙරළ ආශ්‍රිතව ජීවත් වන අතර, අපගේ සංචාරක හා ධීවර ආර්ථිකයෙන් 80%ක් ගුණාත්මක සමුද්‍ර පරිසර පද්ධති මත රඳා පවතිනවා. ආපදා අවදානම අඩු කිරීම, ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සහ නීල ආර්ථික වටිනාකම් දාමයන් වැඩි දියුණු කිරීම සඳහා ගොඩබිම, වෙරළ තීරය සහ සාගර පාලනය ඒකාබද්ධ කරන පැහැදිලි සහ එකිනෙකට සම්බන්ධ වූ “පරිපුර්ණ” (Ridge to Reef) ප්‍රවේශයක් අපගේ ප්‍රතිචාරය වනවා.

ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික කොටස්කරුවන් සමඟ ඇතිකරගත් ශක්තිමත් හවුල්කාරිත්වයන් තුළින් සාගර ගුණාත්මකභාවය සහ පාලනය ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකාව දැඩි ලෙස කැපවී සිටිනවා. පාරිසරික ආරක්ෂාව සමඟ ආර්ථික වර්ධනය සමතුලිත කිරීම සඳහා අපගේ සමුද්‍ර ආයෝජන සැලැස්ම සහ දේශගුණික මූල්‍ය උපායමාර්ගය වැනි උපායමාර්ගික රාමු මගින් සවිබල ගැන්වෙන තිරසාර නීල ආයෝජන, අප ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කරනවා. වැඩිදියුණු කළ යාත්‍රා පරික්ෂා කිරීමේ පද්ධති, නීති විරෝධී මසුන් ඇල්ලීමට එරෙහිව හඳුන්වාදී ඇති නීතිමය ප්‍රතිසංස්කරණ සහ ප්‍රංශ රජයේ සහාය ඇතිව පිහිටුවන ලද සමුද්‍රීය ආරක්ෂාව සඳහා වූ කලාපීය මධ්‍යස්ථානය වැනි මුලපිරීම් හරහා කලාපීය සහයෝගීතාවය සමඟ සමුද්‍රීය ආරක්ෂාව සහ ආරක්ෂණය වැඩි දියුණු කිරීම ප්‍රමුඛතාවයක් ලෙස පවතිනවා. කඩොලාන ප්‍රතිසංස්කරණය සඳහා ජාත්‍යන්තර පිළිගැනීම සහ මුහුදු තෘණ සහ අනෙකුත් තීරණාත්මක​ ​සමුද්‍ර පරිසර පද්ධති ආරක්ෂා කිරීම සඳහා අප අනුගමනය කරන​ ලද ප්‍රයත්නයන් තුළින්​ සංරක්ෂණය සඳහා වන අපගේ පුරෝගාමීත්වය පිළිබිඹු වනවා. මෙම සන්දර්භය තුළ, සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය, පැරිස් ගිවිසුම, ගෝලීය ජෛව විවිධත්ව රාමුව සහ කෝපන්හේගන් ප්‍රකාශනය යටතේ ගෝලීය සාගර පාලනය සඳහා දක්වන අඛණ්ඩ කැපවීම ශ්‍රී ලංකාව නැවත තහවුරු කරනවා. මෙම ක්‍රියාමාර්ග ඔස්සේ තිරසාර සමුද්‍ර සංවර්ධනය, දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව සහ සාගර යුක්තිය සඳහා වන අපගේ ජාතික දැක්ම කෙරෙහි මඟ පෙන්වීම සිදු කරනවා.

ඉන්දියානු සාගරය ආශ්‍රිත රටවල සංගමයේ වත්මන් සභාපතිත්වය දරන ශ්‍රී ලංකාව සාගර පාලනය සඳහා සහයෝගී කලාපීය ප්‍රවේශයක් ඇතිකිරීම උදෙසා පෙරමුණ ගෙන ක්‍රියා කරනවා.

අතිගරුවරුනි,

දේශසීමා සහ අධිකරණ බල ප්‍රදේශ ඉක්මවා යන දැඩි තර්ජනයක් වන අන්තර්-සීමා සමුද්‍ර දූෂණය සමඟ සාගර සෞඛ්‍යය සහ පාලනය සම්බන්ධයෙන් අප මුහුණ දෙන අභියෝග අතිමහත් වනවා. ගෝලීය ගිවිසුමක් සඳහා වන INC 5.2 සාකච්ඡාවලදී ප්ලාස්ටික් දූෂණය තීරණාත්මක ප්‍රමුඛතාවක් ලෙස මතු වී තිබෙනවා. සමුද්‍ර පරිසර පද්ධති සහ ජීවනෝපායන් ආරක්ෂා කිරීම සඳහා එහි සම්පූර්ණ ජීවන චක්‍රය ආවරණය කරන අත්‍යවශ්‍ය ගිවිසුමකට අප සහය ලබා දෙනවා. බොහෝ විට අසාධාරණ ලෙස බර පටවා ඇති සංවර්ධනය වෙමින් පවතින රටවලට සාධාරණ අරමුදල්, තාක්ෂණය සහ වගවීම ලැබිය යුතු වනවා.

ගැඹුරු මුහුදේ සම්පත් කෙරෙහි ඇති උනන්දුව වේගවත් වන විට මුහුදු පත්ල තුළ පතල් කැණීම් පාලනය කිරීම වර්ධනය වන අභියෝගයක් ලෙස ඉස්මතු වේ. ශක්තිමත් ආරක්ෂණ ක්‍රම නොමැති  වීම හේතුවෙන් ඉතා පහසුවෙන් හානියට ලක්වන සමුද්‍ර පරිසර පද්ධතිවලට ස්ථිර හානි සිදු වේ. සාධාරණ හා තිරසර ප්‍රවේශයක් යෝග්‍ය වනවා පමණක් නොව අත්‍යවශ්‍යද වනවා. සාගර සම්පත් සඳහා සමාන ප්‍රවේශයක්, සමුද්‍ර ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සහ බහුපාර්ශ්වික ක්‍රියාවලීන්ගේ අඛණ්ඩතාව හිලව් නොවිය යුතුයි. සාගර පාලනය සහ සමුද්‍ර හිමිකම්, විද්‍යාව හා තාක්‍ෂණය මගින් මෙහෙයවිය යුතු වනවා.

සාගර ජෛව විවිධත්වය සංරක්ෂණය සඳහා වන ගෝලීය ප්‍රයත්නයන්ට සම්බන්ධ වෙමින්, ශ්‍රී ලංකාව 2025 පෙබරවාරි මාසයේදී "දේශීය අධිකරණ බල ප්‍රදේශයෙන් ඔබ්බට වන ජෛව විවිධත්ව ගිවිසුම" අත්සන් කළ අතර එහි 109 වැනි අත්සන්කරු බවට පත්වුණා. වගවීම් ශක්තිමත් ක්‍රියාමාර්ග බවට පරිවර්තනය කිරීම සඳහා අප දේශීයව මෙම ගිවිසුම අපරානුමත කිරීමේ සහ ඒ සඳහා නීති සම්පාදනය කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටිනවා. ශක්‍යතා සංවර්ධනය සහ තාක්ෂණ හුවමාරුව සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගනිමින් වෙරළබඩ රාජ්‍යයන්, සංවර්ධනය වෙමින් පවතින කුඩා දූපත් රාජ්‍යයන් සංවර්ධනය කිරීම සඳහා ශක්‍යතාවන්ගේ ඇති අඩුපාඩු අවම කිරීමට සහ සමුද්‍ර ජාන සම්පත් සහ ප්‍රතිලාභ බෙදා ගැනීම සඳහා සාධාරණ ප්‍රවේශයක් සහතික කිරීමට මෙම දේශීය අධිකරණ බල ප්‍රදේශයෙන් ඔබ්බට වන ජෛව විවිධත්ව ගිවිසුමෙහි ක්‍රියාවලිය ඉතා වැදගත් වනවා.

අවසාන වශයෙන්, අපගේ ප්‍රධාන හවුල්කරුවන් වන එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය, හරිත දේශගුණික අරමුදල, ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය සහ අනෙකුත් සහයෝගිතාකරුවන්ට ඔවුන් දක්වන ස්ථිර සහයෝගය සඳහා අපි ස්තූතිවන්ත වනවා. වර්තමාන සහ අනාගත පරම්පරාවන් සඳහා තිරසර, සියලු දෙනා ඇතුළත් වන සාගර ආර්ථිකයක් සුරක්ෂිත කිරීම සඳහා අප එක්ව කටයුතු කරනවා.

ස්තුතියි

​.............................

The file can be downloaded using the following link;

https://drive.google.com/file/d/11B7jyohSxtuhwFM1Wywf-rcGwKs5Hpnn/view?usp=drive_link 

​.............................

Please follow and like us:

Close