ශ්‍රී ලංකාවේ නවීන කෘෂිකාර්මික හා අධි තාක්‍ෂණික විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට සහය දෙන්න චීනය එකඟ වෙයි

ශ්‍රී ලංකාවේ නවීන කෘෂිකාර්මික හා අධි තාක්‍ෂණික විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට සහය දෙන්න චීනය එකඟ වෙයි

ශ්‍රී ලංකාවේ නවීන කෘෂිකාර්මික හා අධි තාක්‍ෂණික විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සදහා චීනය සහය ලබා දීමට එකඟතාව  පල කර තිබේ.මෙම එකඟතාව  පල වී ඇත්තේ ඉකුත් 19 වනදා චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා චීනයේ හුබෙයි පළාතේ වුහාන් විශ්ව විද්‍යාලයට ගිය අවස්ථාවේදීය.

වූහාන්, විශ්වවිද්‍යාලයේ උප සභාපතිවරයාගේ සහ චයිනා ග්‍රේට් වෝල් ඉන්ඩස්ට්‍රියල් කෝපරේෂන් ආයතනයේ ආරාධනයකට අනුව, තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා  වුහාන් විශ්වවිද්‍යාලයට ගියේය. උප සභාපති යෙකින් ෂු මහතාගේ නායකත්වයෙන් යුත් අන්තර්ක්ෂේත්‍ර විශ්වවිද්‍යාල කණ්ඩායම ශ්‍රී ලංකාවේ  නවීන කෘෂිකාර්මික හා අධි තාක්‍ෂණික විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සදහා පූර්ණ සහය ලබා දීමට එකග වී තිබේ. පසුව හුබෙයි පළාතේ ආණ්ඩුකාරවරයා සමඟ පැවති විධිමත් රැස්වීමක දී ද මේ සඳහා එතුමාගේ අනුමැතිය ලබාදෙන ලදි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ හුබෙයි පළාත් කමිටුවේ නියෝජ්‍ය ලේකම් සහ හුබෙයි පළාතේ ආණ්ඩුකාර ෂොංලින් වැන්ග් මැතිතුමා පසුව වුහාන් හි ඩොන්ගු පළාත් රාජ්‍ය මන්දිරයේ දී ආචාර්ය පාලිත කොහොන මැතිතුමා නිල වශයෙන් පිළිගත්තේය.

ආචාර්ය කොහොන මැතිතුමා විශ්වවිද්‍යාල බලධාරීන් සහ ආණ්ඩුකාරවරයා සමඟ කළ සාකච්ඡාවේ දී,විශේෂයෙන් දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමේ වැදගත්කමසහ සංවර්ධනයේ ඊළඟ මට්ටම කරා කඩිනමින් ගමන් කරමින් පවතින ශ්‍රී ලංකාවේ ආර්ථිකය සඳහා වඩාත් තීරණාත්මක දායකත්වයක් ලබා දීම පිණිස තරුණ තරුණියන්ට උසස් තාක්ෂණ කුසලතා ලබා දීමේ වටිනාකම  පිළිබඳව අවධාරණය කළේය.

නූතන උසස් තාක්ෂණ අධ්‍යාපනය කෙරෙහි අවධාරණය යොමු කිරීම තුළින් සැලකිය යුතු සහායක් ලැබූ චීන ආර්ථිකයේ දර්ශනීය නැගීම පිළිබඳව එතුමා සඳහන් කළේය. මෙම තක්සේරුව සම්බන්ධයෙන් එකඟ වූ විශ්වවිද්‍යාල බලධාරීන් සහ චයිනා ග්‍රේට් වෝල් ඉන්ඩස්ට්‍රියල් කෝපරේෂන් ආයතනය (ජින්සින් සු මහතා), ශ්‍රී ලංකාවේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වීමට කැප වන බව පැහැදිලිව සඳහන් කළේය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බීජිං

2021 ජූලි 22 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close