ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ, ඉදිකිරීම් සහ රෙදිපිළි කර්මාන්ත සඳහා දකුණු අප්‍රිකානු වෙළෙඳපොළ තුළ පවතින නව අවස්ථා ග්‍රහණය කර ගැනීමට මහ කොමසාරිස් අමරසේකර මැතිතුමා කටයුතු කරයි

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ, ඉදිකිරීම් සහ රෙදිපිළි කර්මාන්ත සඳහා දකුණු අප්‍රිකානු වෙළෙඳපොළ තුළ පවතින නව අවස්ථා ග්‍රහණය කර ගැනීමට මහ කොමසාරිස් අමරසේකර මැතිතුමා කටයුතු කරයි

දකුණු අප්‍රිකාවේ කොවිඩ්-19 ව්‍යාප්තිය මැඩපැවැත්වීම සඳහා පියවර ගෙන ඇති වාතාවරණය තුළදී පවා, අප්‍රිකානු වෙළඳපොලේ එනම්, තොරතුරු තාක්‍ෂණ හා රෙදිපිළි අංශවල ශ්‍රී ලංකාවේ කර්මාන්ත සඳහා පවතින අවස්ථාවන් ග්‍රහණය කර ගැනීමේ අපේක්ෂාවෙන් යුතුව ප්‍රිටෝරියා හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, ප්‍රිටෝරියා, නැම්බියා, එස්ට්වාටිනි අක්තගන්වන ලද රටවල දූත මණ්ඩල ප්‍රධානීන් සමඟ අතථ්‍ය හමුවීම් සංවිධානය කළේය. අතථ්‍ය සාකච්ඡාව සඳහා,  දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්  එස්. අමරසේකර මැතිතුමා, දකුණු අප්‍රිකාවේ නැම්බියානු මහ කොමසාරිස් වයිකෝ කේ. න්ගිවෙටෙ මැතිතුමා සහ දකුණු අප්‍රිකාවේ එස්වාටිනි වැඩබලන දූත මණ්ඩල ප්‍රධානී වුලින්ඩ්ලේලා එස්. කුනෙනෙ මහතා  සහභාගී  විය.

මෙම රැස්වීම්වල දී මහ කොමසාරිස් අමරසේකර මහතා කොවිඩ්-19 ව්‍යාප්තිය මැඩපැවැත්වීමට දරන ලද ප්‍රයත්න සහ ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ නැගී එන තොරතුරු තාක්‍ෂණ, ඉදිකිරීම් සහ රෙදිපිළි සමාගම් සඳහා පවතින අප්‍රිකානු වෙළඳපොළ කෙරෙහි අවධානය යොමු කළේය. ඔවුන්ගේ ප්‍රතිචාර දැක්වීමේ දී, නැමීබියාවේ සහ එස්වාටිනි හි දූත මණ්ඩල ප්‍රධානීහු තම රටවල පවතින අවස්ථා පිළිබඳව පැහැදිලි කරමින්, ඒ ඒ රටවල සාර්ථකව ක්‍රියාත්මක වන ශ්‍රී ලාංකික ව්‍යාපාර පිළිබඳ තොරතුරු බෙදා හදා ගත් අතර, ශ්‍රී ලාංකිකයින් සඳහා නව ව්‍යාපාරික මාර්ග සෙවීමට ඔවුන්ගේ සහයෝගය ලබා දෙන බවට සහතික කළහ. තවද, ව්‍යාපාර සහ වෙළෙඳ අවස්ථා අගනුවරවල අදාළ පාර්ශව සමඟ බෙදා හදා ගැනීමටත්, අනාගත ව්‍යාපාරික හවුල්කරුවන් සඳහා අන්තර් ව්‍යාපාර රැස්වීම් පැවැත්වීමටත් දෙපාර්ශ්වයම එකඟ වූහ.

 ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

ප්‍රිටෝරියා

2021 සැප්තැම්බර් 22 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close