ශ්‍රී ලංකාවේ චෙන්නායි හි නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය ඩී. වෙන්කටේෂ්වරන් මැතිතුමා කේරලයේ නිල සංචාරයක නිරත වෙයි

ශ්‍රී ලංකාවේ චෙන්නායි හි නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය ඩී. වෙන්කටේෂ්වරන් මැතිතුමා කේරලයේ නිල සංචාරයක නිරත වෙයි

ශ්‍රී ලංකාවේ චෙන්නායි හි නියෝජ්‍ය මහ කොමසාරිස්, දකුණු ඉන්දියාවේ නායකත්වය වෙත සිය ළඟාවීම අඛණ්ඩව පවත්වාගෙන යමින්, ආචාර්ය ඩී. වෙන්කටේෂ්වරන් මැතිතුමා පසුගිය සතියේ කේරළ ප්‍රාන්තයට ගොස් රාජ්‍යයේ සම්භාවනීය අමුත්තන් කිහිප දෙනෙකු සමඟ දේශපාලන හා ව්‍යාපාරික මට්ටමින් සාකච්ඡා පැවැත්වීය.

නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා කේරළ මහ ඇමති ශ්‍රී පිනරෙයි විජයන් මැතිතුමා ජුනි 29 වැනි දින එතුමාගේ කාර්යාලයේ දී හමුවිය. ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ පළපුරුදු සහ දක්ෂ දේශපාලනඥයෙකු මෙන්ම, දෙවරක් කේරළ මහඇමති පදවියට පත් වූ ශ්‍රී පිනරෙයි විජයන් මැතිතුමා, චෙන්නායිහි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා උණුසුම් ලෙස පිළිගත්තේය. කේරළය සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික, ආර්ථික හා වෙනත් අංශයන්හි සබඳතාවය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා සිය අදහස් බෙදාහදා ගත්හ.

ආචාර්ය වෙන්කටේෂ්වරන් මැතිතුමා කේරළ මහ ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් දූත පිරිසකට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කළ අතර, එම ආරාධනය මහ ඇමතිවරයා විසින් පිළිගනු ලැබීය. මේ සම්බන්ධයෙන්, නිල තහවුරු කිරීම මහ ඇමති කාර්යාලයෙන් ළඟදීම ලැබෙතැයි අපේක්ෂා කෙරේ.

මෙම සංචාරයේ දී, නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා කේරළ ආණ්ඩුකාර ශ්‍රී අරිෆ් මොහොමඩ් ඛාන් මැතිතුමා ත්‍රිවේන්ද්‍රම් හි රාජ් භවන් හි පිහිටි එතුමාගේ කාර්යාලයේදී හමුවිය. ප්‍රවීණ හා කීර්තිමත් ජ්‍යෙෂ්ඨ දේශපාලන චරිතයක් වන ඛාන් මැතිතුමා, කේරළයේ ශ්‍රේෂ්ඨ ශුද්ධ වූ හින්දු ගුරු සහ සමාජ ප්‍රතිසංස්කරණවාදියෙකු වූ ශ්‍රී නාරායන ගුරුගේ ආගමික මැදිහත්වීම සහ එතුමා දෙවරක් ශ්‍රී ලංකාවේ නිරත වූ ඓතිහාසික සංචාර පිළිබඳව සාකච්ඡා කළේය.

එදිනම ආචාර්ය වෙන්කටේෂ්වරන් මැතිතුමා ත්‍රිවේන්ද්‍රම් හි වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ (TCCI) සභාපති එස්.එන්. රගුචන්ද්‍රන් නායර්, උප සභාපති බී. ගෝවින්දන් සහ ලේකම් ඒබ්‍රහම් තෝමස් යන මහත්වරුන් ඇතුළු අනෙකුත් නිලධාරීන් සමඟ ආයෝජන හා වෙළඳ අවස්ථා වැඩි දියුණු කිරීම පිළිබඳව සාකච්ඡා පැවැත්වීය. මෙම රැස්වීම ත්‍රිවේන්ද්‍රම් හි මස්කට් හෝටලයේ දී පැවැත්විණි. ශ්‍රී ලංකාව වෙත යාමට පෙර ශ්‍රී ලංකාව සඳහා ඔවුන්ගේ ආයෝජන යෝජනා තවදුරටත් සකස් කිරීම සඳහා වෙළඳ නියෝජිත කණ්ඩායම චෙන්නායි හි නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය වෙත පැමිණීමට එකඟ විය.

මෙම සංචාරය අවසන් කරමින්, නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය වෙන්කටේෂ්වරන් මැතිතුමා ඉන්දියානු රජය විසින් පිළිගත් සමාජ හා විද්‍යාත්මක පර්යේෂණ සංවිධානයක් වන සන්තිගිරි ආශ්‍රමයට පැමිණියේය. ආචාර්ය වෙන්කටේෂ්වරන් මැතිතුමා ස්වාමි ජන්නම තුමා හමුවී ආරාමයේ සිදුකරන කිරි ගොවිතැන, කාබනික ගොවිතැන සහ භාවනා වැනි විවිධ ජීවන කුසලතා ක්‍රියාකාරකම් පිළිබඳව සාකච්ඡා කළේය.

කේරළය ඉන්දියාවේ ආර්ථික වශයෙන් 8 වැනි විශාලතම ප්‍රාන්තය වන අතර, ඉන්දියාවේ ඉහළම සාක්ෂරතා අනුපාතය සහිත ප්‍රාන්තය ද වේ. ප්‍රාන්තයේ අගනුවර වන තිරුවානන්දපුරම් කලින් ත්‍රිවේන්ද්‍රම් ලෙස හැඳින්වූ අතර, එය රාජ්‍ය අපනයනයෙන් 55% ක් සඳහා දායක වන තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයක් ලෙස සැලකේ.

ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය

චෙන්නායි

2021 ජූලි 07 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close