
කාම්බෝජ රාජධානියේ රජය ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව ශ්‍රී ලංකාව සඳහා නව දිල්ලි නුවර සිටින කාම්බෝජ රාජධානියේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිනිය ලෙස අතිගරු රාත් මේනි මහත්මිය පත් කර තිබේ. එතුමිය 2025 මැයි 15 වැනි දින පෙ.ව.9.00ට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවාය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ
2025 මැයි 15 වැනි දින



Please follow and like us:


