විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමා පරිත්‍යාගශීලී ජාතීන් සමඟ සාකච්ඡා පවත්වයි

 විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමා පරිත්‍යාගශීලී ජාතීන් සමඟ සාකච්ඡා පවත්වයි

2022 අප්‍රේල් 12 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක් අතරතුර දී විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා, මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ එම්. යූ. එම්. අලි සබ්රි මැතිතුමා සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා යනාදීහු ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව පරිත්‍යාගශීලී ජාතීන් දැනුම්වත් කළහ.

මෙහිදී, මේ වන විට ක්‍රියාත්මක වන ක්‍රියාමාර්ග සහ  එළඹෙන සතියේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡාවේ මූලික කටයුතු පිළිබඳව රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුම්වත් කරන ලදී.

අතරමැදි කාලසීමාව තුළ මූල්‍ය කටයුතුවලට සහය වන ලෙස අමාත්‍යවරු මෙහිදී පරිත්‍යාගශීලී ජාතීන් වෙත ඇරයුම් කළහ.

මෙහිදී ඔවුහු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන් අතර, පුළුල් සාකච්ඡාවලට ද සහභාගී වූහ.

විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ද මෙම සාකච්ඡාවට සහභාගී විය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 අප්‍රේල් 17 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close