විදේශ කටයුතු අමාත්‍යාංශය, අනුරාධපුර හා පුත්තලම දිස්ත්‍රික්කවල සමෝධානීකරන ජංගම කොන්සියුලර් සේවාවන් පවත්වයි

විදේශ කටයුතු අමාත්‍යාංශය, අනුරාධපුර හා පුත්තලම දිස්ත්‍රික්කවල සමෝධානීකරන ජංගම කොන්සියුලර් සේවාවන් පවත්වයි

 

විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් 2019 අගෝස්තු මස 17 සහ 19 යන දිනවල පිළිවෙලින් අනුරාධපුර හා පුත්තලම දිස්ත්‍රික්කවල සමෝධානීකරන ජංගම කොන්සියුලර් සේවාවන් පැවැත්වීමට නියමිතය.

විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මෙම ජංගම කොන්සියුලර් සේවාවන් පවත්වනු ලබන්නේ කොළඹ සහ අදාළ දිස්ත්‍රික්කවල පාර්ශ්ව සංවිධාන හා සම්බන්ධීකරණයෙන් යුතුවය.

විදේශ කටයුතු අමාත්‍යවරයාගේ මඟපෙන්වීම හා උපදෙස් අනුව පවත්වනු ලබන මෙම ජංගම සේවාව මඟින් අනුරාධපුර හා පුත්තලම දිස්ත්‍රික්කවල ජනතාවට  ලියකියැවිලි සත්‍යාපනය කිරීම, විදේශවල අතරමංවූ හෝ රඳවාගනු ලැබූ හෝ ශ්‍රී ලාංකිකයන්ගේ පවුල්වලට සහය ලබාගැනීම, විදේශවල සිදුවූ උපත් සහ මරණ ලියාපදිංචිය සහ වන්දි ලබා ගැනීම පිළිබඳ ගැටලු සඳහා සහය ලබාගැනීම ඇතුළු කොන්සියුලර් සේවා රැසක් ලබාගැනීමට හැකිවනු ඇත. තවද, විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සම්බන්ධ කරගත හැකි දුරකථන අංක හා ලිපින මෙන්ම විදේශ රටවල  ජීවත්වන හා සංචාරය කරන ශ්‍රී ලාංකිකයන්ට එම දූත මණ්ඩලවලින් ලබාගත හැකි සේවාවන් පිළිබඳ තොරතුරුද මෙම ජංගම සේවාවේදී ජනතාවට ලබා ගැනීමට හැකි වෙයි.

 

විදේශ කටයුතු අමාත්‍යාංශය

2019 අගෝස්තු 06 වැනි දා 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close