විදේශ කටයුතු අමාත්‍යවරයා ඉරානයේ සංචාරයක නිරත වීමට සූදානම් වේ

විදේශ කටයුතු අමාත්‍යවරයා ඉරානයේ සංචාරයක නිරත වීමට සූදානම් වේ

ඉරානයේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හොසේන් අමීර් අබ්දුල්ලාහියන් මැතිතුමා යොමු කළ ඇරයුමකට අනුව, විදේශ කටයුතු අමාත්‍ය එම්.යූ.එම්. අලි සබ්රි මැතිතුමා 2023 අගෝස්තු 04 සිට 07 දක්වා ඉස්ලාමීය ඉරාන ජනරජයේ නිල සංචාරයක නිරත වීමට නියමිත ය.

අමාත්‍යවරයා මෙම සංචාරය අතරතුර ඉරාන ජනාධිපති ආචාර්ය සෙයිද් ඊබ්‍රාහිම් රයිසි මැතිතුමා හමුවීමට නියමිත අතර, දෙරට අතර පවත්නා සමීප සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ඉරාන විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හොසේන් අමීර් අබ්දුල්ලාහියන් මැතිතුමා ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවී සාකච්ඡා පැවැත්වීමට ද නියමිත ය. තවද, අමාත්‍යවරයා ඉරානයේ දේශපාලන හා ජාත්‍යන්තර අධ්‍යයන ආයතනයේ දී දේශනයක් පවත්වනු ඇත.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

 2023 අගෝස්තු 03 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close