විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ පරිගණක පද්ධතිය බිඳවැටීම හේතුවෙන් ලේඛන සහතික කිරීමේ ක්‍රියාවලිය ප්‍රමාද වීම

විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ පරිගණක පද්ධතිය බිඳවැටීම හේතුවෙන් ලේඛන සහතික කිරීමේ ක්‍රියාවලිය ප්‍රමාද වීම

විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ පරිගණක පද්ධතියේ හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන්, එම අංශය සහ යාපනය, ත්‍රිකුණාමලය, මාතර, මහනුවර සහ කුරුණෑගල යන ප්‍රාදේශීය කාර්යාල හරහා සිදු කරනු ලබන ලේඛන සහතික කිරීමේ සේවා නැවත දැනුම් දෙන තුරු සීමා කරන ලදී.

ලේඛන සත්‍යාපනය කිරීමේ ක්‍රියාවලිය සුමටව සිදු කිරීම කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කරන  විදේශ කටයුතු අමාත්‍යංශය, මෙම පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටියි. අත්‍යවශ්‍ය ලේඛන පමණක් මේ වන විට කොන්සියුලර් අංශය විසින් සකස් කෙරෙන අතර, මෙම පද්ධතිය අලුත්වැඩියා කිරීමෙන් පසු අනෙකුත් ලේඛන ද සකස් කරනු ලැබේ.

අනෙකුත් කොන්සියුලර් සේවාවන් කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

මෙම තාක්ෂණික දෝෂය හේතුවෙන්  මහජනතාවට සිදුවන අපහසුතා සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය සිය කනගාටුව පළ කර සිටියි.

මහජනතාවට සිය සේවා ලබාගැනීමේ හැකියාව පිළිබඳව විමසීම සඳහා පහත සඳහන් දූරකථන අංක ඔස්සේ වැඩිදුර සම්බන්ධ විය හැකි ය:

                • කොන්සියුලර් කටයුතු අංශය, කොළඹ - 011 233 8812
                • ප්‍රාදේශීය කාර්යාලය, යාපනය -0212 21 5972
                • ප්‍රාදේශීය කාර්යාලය, ත්‍රිකුණාමලය - 026 222 3182 /86
                • ප්‍රාදේශීය කාර්යාලය, මහනුවර -081 238 4410
                • ප්‍රාදේශීය කාර්යාලය, කුරුණෑගල -037 222 5931
                • ප්‍රාදේශීය කාර්යාලය, මාතර - 041 222 6713/ 041 222 6697

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 මැයි 09 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close