විදේශ කටයුතු අමාත්‍යංශය ශ්‍රී ලංකා පොලිස් සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහා රාජ්‍යතාන්ත්‍රික විධිවිධාන පිළිබඳව දැනුම්වත් කිරීමේ සැසියක් පවත්වයි

විදේශ කටයුතු අමාත්‍යංශය ශ්‍රී ලංකා පොලිස් සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහා රාජ්‍යතාන්ත්‍රික විධිවිධාන පිළිබඳව දැනුම්වත් කිරීමේ සැසියක් පවත්වයි

පොලිස් නිලධාරීන්ට සිය නිල රාජකාරි ක්‍රියාත්මක කිරීම සඳහා ඉවහල් වන රාජ්‍යතාන්ත්‍රික විධිවිධාන සහ භාවිතාවන් පිළිබඳව සංවිධානය කරන ලද එක්දින දැනුම්වත් කිරීමේ සැසියක්, විදේශ කටයුතු අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකා පොලිස් සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සඳහා සාර් ථකව පවත්වන ලදී. මෙම සැසිය 2022 ඔක්තෝබර් 13 වැනි දින අමාත්‍යංශ පරිශ්‍රයේ දී පවත්වන ලදී.

වියානා සම්මුතිය සහ රාජ්‍යතාන්ත්‍රික වරප්‍රසාද පනතට අදාළ වන ජාත්‍යන්තර ක්‍රියාපටිපාටි, භාවිතයන් සහ සිරිත් විරිත් ඇතුළු අන්තර් ක්‍රියාකාරී සැසි රැසක් මෙම වැඩසටහනට ඇතුළත් කොට තිබූ අතර, මෙරටට පැමිණෙන විදේශීය ප්‍රභූවරුන්ගේ සංචාර සංවිධානය කිරීමේ විධිවිධාන ද ඊට ඇතුළත් විය.

මෙම අමාත්‍යංශයේ සේවය කරන, රාජ්‍යතාන්ත්‍රික කටයුතු පිළිබඳ විශේෂඥ දැනුමක් මෙන්ම පුළුල් අත්දැකීම් සහිත  ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙන්ම, අමාත්‍යංශයේ නීති නිලධාරීහු ද මෙම වැඩසටහනෙහි සම්පත් දායකයන් වශයෙන් සහභාගී වූහ.

අතිරේක ලේකම් ආචාර් ය ඒ.එස්.යූ. මෙන්ඩිස් මහතා විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය නියෝජනය කරමින් ආරම්භක දේශනය ඉදිරිපත් කළේ ය.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2022 ඔක්තෝබර් 14 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close