විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා පැරිසියේ යුරෝපය හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී පැවති ඉන්දු පැසිෆික් කලාපීය සහයෝගිතා අමාත්‍ය සංසදය ඇමතීය. මෙය යුරෝපා සංගම් කවුන්සිලයේ ප්‍රංශ සභාපතිත්ව වැඩසටහනේ කොටසක් විය.
යුරෝපීය කොමිසම සහ ඉහළ නියෝජිතයා විසින් ප්‍රකාශයට පත් කරන ලද ඉන්දු-පැසිෆික් කලාපයේ සහයෝගීතාව සඳහා වූ යුරෝපා සංගමයේ උපාය මාර්ගයෙන් අනතුරුව, මේ ආකාරයේ පළමුවැන්න වන මෙම සිදුවීම මඟින් යුරෝපා සංගමයේ සාමාජික රටවල විදේශ අමාත්‍යවරුන්, ඉන්දු-පැසිෆික් කලාපයේ සමාන රටවල් සංඛ්‍යාවක් මෙන්ම, යුරෝපීය ආයතනවල නියෝජිතයින් සහ ඉන්දියානු සහ පැසිෆික් සාගරයේ කලාපීය සංවිධාන හයක් සඳහා සංවාද සහ ආවර්ජනය සඳහා සංසදයක් සැපයීය.
සෞඛ්‍ය, දේශගුණය, ජෛව විවිධත්වය සහ සාගර යන ක්ෂේත්‍රවල ගෝලීය අභියෝග ආවරණය කරන වට මේස සාකච්ඡාවට ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා සහභාගී විය. සාකච්ඡාවට භාජනය වූ අනෙකුත් මාතෘකා අතරට, සම්බන්ධකතා සහ ඩිජිටල් ගැටළු සහ ආරක්ෂක කටයුතු අයත් විය.
ප්‍රංශ ජනරජයේ විදේශ අමාත්‍ය ෂෝන් ඊව් ලුදරියොං මැතිතුමා සහ යුරෝපා සංගමයේ උසස් නියෝජිත ජොසෙප් බොරෙල් ෆොන්ටෙලෙස් මහතා විසින් ඒකාබද්ධව සංවිධානය කරන ලද මෙම සම්මන්ත්‍රණය සඳහා නියෝජිතයින් 60 දෙනෙකු සහභාගී විය.
කොවිඩ්-19 පාලනය සඳහා ශ්‍රී ලංකාව විසින් අනුගමනය කරන ලද ප්‍රතිපත්තිය සහ එහි සාර්ථකත්වයට හේතු වූ රටේ උපාය මාර්ගයට පාදක වූ සංජානන සමතුලිතතාවය පිළිබඳව අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමා එහි පැමිණ සිටි විදේශ අමාත්‍යවරුන්ට පැහැදිලි කළේය.
එන්නත් දෙකක් සහ බූස්ටර් එන්නත රට පුරා බෙදා හැරීම සඳහා ඉහළම ප්‍රමුඛතාවය ලැබුණු අතර එමඟින් ජනගහනයට සැලකිය යුතු ආරක්ෂිත ආවරණයක් ලබා දී ඇත. ජීවනෝපායන් සුරැකීම සඳහා, අරපිරිමැස්මෙන් සහ තෝරා බේරා ගනිමින් අගුලු දැමීම් කරා යොමු වන ලදී.
බිම්ස්ටෙක් සංවිධානයේ වත්මන් සභාපති සහ ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ (IORA) සම සභාපති ලෙස, සාගර ආශ්‍රිත කටයුතුවල දී ශ්‍රී ලංකාව ඉටුකළ පුරෝගාමී කාර්යභාරය පිළිබඳව විදේශ අමාත්‍යවරයා විස්තර කළේය. තිරසාර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ කොළඹ ප්‍රකාශය පුළුල් ලෙස පිළිගැනීම සහ විශේෂයෙන්ම කඩොලාන සංරක්ෂණය කිරීමේ ශ්‍රී ලංකාවේ සාර්ථකත්වය පිළිබඳව ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර දී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ මුලපිරීමක් ලෙස පැවති COP 26 දී ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලයීය නීල ප්‍රඥප්තියේ පෙරමුණ ගත්තෙකු ලෙස පිළිගැනීම හරහා පැහැදිලිව සටහන් කර ඇති ජයග්‍රහණයක් බව ඔහු සඳහන් කළේය.
හරිත ආර්ථිකය සඳහා ශ්‍රී ලංකාවේ කැපවීමේ මුල් ගලක් වන ආර්ථික සංවර්ධනයේ සහ පරිසරය සංරක්ෂණයේ අනුපූරක ස්වභාවය පිළිබඳව අවධාරණය කරමින් අමාත්‍ය පීරිස් මැතිතුමා ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන් පිළිබඳව විශේෂ සඳහනක් කළේය. ධීවර හා අනෙකුත් සාගර සම්පත් උපයෝජනය කිරීමේ තිරසාරභාවය දිවයිනේ ජාතියේ ආර්ථික යහපැවැත්මේ කේන්ද්‍රය බව ඔහු පැවසීය. ශ්‍රී ලංකාවට වහාම අදාළ වන අනෙකුත් අංශ පිළිබඳව ගැන සඳහන් කරමින්, වෙළඳාම සහ ආයෝජන, අධ්‍යාපනය සහ සංස්කෘතික සම්බන්ධතා, සංචාරක ප්‍රවර්ධනය සම්බන්ධයෙන් සම්බන්ධතා වැඩිදියුණු කිරීම මෙන්ම බුද්ධි තොරතුරු රැස් කිරීම සහ බෙදාගැනීම බව ඔහු තවදුරටත් පැවසීය.
පැරිසියේ පැවති අමාත්‍යවරුන්ගේ සංසදයේදී අපේක්ෂා කරන හවුල්කාරිත්වය බහුපාර්ශ්විකත්වයේ වටිනාකම් සඳහා වන හවුල් කැපවීම, සාගර පාලනය සඳහා නීති මත පදනම් වූ ප්‍රවේශයක් සහ උඩින් පියාසර කිරීමේ සහ ජාත්‍යන්තර ජලය හරහා යාත්‍රා කිරීමේ පවිත්‍ර අයිතිය යන කරුණුවලින් සමන්විත ශක්තිමත් පදනමකින් ශක්තිමත් කොට ඇති බව විදේශ අමාත්‍යවරයා නිගමනය කළේය.
විදේශ අමාත්‍යාංශය
කොළඹ
2022 පෙබරවාරි 23වැනි දින