විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ජේසු විද්‍යාලයේ සංචාරයක

 විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ජේසු විද්‍යාලයේ සංචාරයක

ශ්‍රී ලංකාව සම්බන්ධ ගැටලු සහ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡාවක් සඳහා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ජීසස් කොලේජ් (Jesus College) වෙත පැමිණියේය. මෙම අවස්ථාවට සහභාගී වූවන් අතර රාජකීය උපදේශක මහාචාර්ය ශ්‍රීමත් අයිවන් ලෝරන්ස්, රාජකීය අධිකරණ සභික, රාජකීය උපදේශක අති ගෞරවනීය රූපට් ජැක්සන් ශ්‍රීමතාණන්, රාජකීය උපදේශක මහාචාර්ය මැඩ්ස් ඇන්ඩීනස් මැතිතුමා, මහාචාර්ය ඇන්ඩී හෙයින්ස් මැතිතුමා, මහාචාර්ය බැරී රයිඩර් මැතිතුමා, කිම් හොලිස් මෙනෙවිය සහ ආචාර්ය ඩොමිනික් තෝමස් - ජේම්ස් යන විද්වතුන් විය.

මෙම සාකච්ඡාව සඳහා සහභාගී වීමෙන් දැක්වූ කාරුණික භාවය සහ නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් ලෙස ඔවුන් සතු වටිනා අදහස් සහ යෝජනා අගය කරමින් විදේශ අමාත්‍යවරයා තම ස්තුතිය පුද කළේ ය.

අනතුරු ව මහාචාර්ය පීරිස් මැතිතුමා, රාජකීය උපදේශක ඩැනියෙල් බ්‍රෙනන් සාමිවරයා සහ ඕස්ට්‍රේලියාවේ හිටපු විදේශ අමාත්‍ය සහ එක්සත් රාජධානියේ රාජ්‍ය නිතී ප්‍රතිපත්ති සම්පාදකවරුන්ගේ අන්තර්ජාතික විද්‍යාලයෙ හි (International School for Government in the United Kingdom) වත්මන් අධ්‍යක්ෂක වන ඇලෙක්සැන්ඩර් ඩවුන්ර් මැතිතුමා යන විද්වතුන් ලන්ඩනයේ වෙනත් අවස්ථාවක දී හමුවිය.

විදේශ අමාත්‍යංශය

කොළඹ

2021 ඔක්තෝමබර් මස 31වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close