විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මැතිතුමා වර්ෂය අවසානයේ දී නත්තල් සැමරුමක් පවත්වයි

විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මැතිතුමා වර්ෂය අවසානයේ දී නත්තල් සැමරුමක් පවත්වයි

විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මැතිතුමා 2021 දෙසැම්බර් 12 වැනි දින කොළඹ සිටින රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවේ දූත මණ්ඩල ප්‍රධානීන්, කැබිනට් අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නියෝජිතයන්ගේද සහභාගිත්වය ඇතිව කොළඹ හිල්ටන් හෝටලයේ දී නත්තල් සැමරුම් උත්සවයක් පැවැත්වීය. අග්‍රාමාත්‍ය  මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ශිරන්ති රාජපක්ෂ මැතිනිය ප්‍රධාන අමුත්තන් ලෙස මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

අමාත්‍ය ජී.එල්. පීරිස් මැතිතුමා සිය පිළිගැනීමේ දේශනයේදී ප්‍රකාශ කරනු ලැබුවේ “නත්තල යනු අපගේ සබඳතා, මිත්‍රත්වයන් සහ අපගේ ජයග්‍රහණ සැමරීමට කාලයකි. එබැවින් අපගේ ජයග්‍රහණ ගැන මෙනෙහි කිරීමට සහ අප නිවැරදිව කළ දේ තක්සේරු කිරීමට සහ වඩාත්ම වැදගත් අපට වඩා හොඳින් කළ හැකි දේ තක්සේරු කිරීමට ගෙවී ගිය වසර දෙස ආපසු හැරී බැලීමට මෙය හොඳ අවස්ථාවක් විය. “අවසානය කරා ළඟා වී ඇති වසර ශ්‍රී ලංකාවට විශාල වශයෙන් අභියෝගාත්මක වූ කාල සීමාවකි. කොවිඩ්-19 වසංගතය විසින් අපේ රටේ ජන ජීවිතයේ සෑම පැතිකඩක්ම පාහේ අනතුරේ හෙළා ඇති නමුත්, මෙම වසංගත තත්ත්වය මැඩපැවැත්වීම සහ ඒ සමඟ සටන් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති සාර්ථකත්වය ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක් වී ඇත.” යයි එතුමා පැවසීය.

කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා ද අමුත්තන් අමතමින්, පසුගිය වසර දෙකේ දී අප රට ආර්ථික වශයෙන් පසුබෑමකට ලක් වූ බවත්, වර්තමානයේ දී වඩාත් වැදගත් වන්නේ දේශගුණික විපර්යාස සමඟ ආර්ථික රාජ්‍යතාන්ත්‍රකභාවය බවත් පැවසීය. ශ්‍රී ලංකාවේ නිර්මාණාත්මක කර්මාන්ත පෙරට ගෙන ආ යුතු බව සඳහන් කරමින්, රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා මෙම සැමරුම් උළෙල සඳහා ශ්‍රී ලාංකික නිර්මාණකරුවන් හා කලාකරුවන්ගේ කලාකෘති සහ හස්ත කර්මාන්ත ප්‍රදර්ශනයක් සංවිධානය කළේය. මෙම ප්‍රදර්ශන අංගය සඳහා එරික් සූරියසේන බතික්, බුද්ධි බතික්, අයිල් ඔෆ් රටා සහ අර්බන් අයිලන්ඩ් යන ආයතන සහභාගී වූ අතර, මෙම කලාකෘති ප්‍රදර්ශනය අසාරා ජලීල් විසින් මෙහෙයවන ලදී.

තේ මණ්ඩලය, ජාතික ශිල්ප සභාව, කුළුබඩු හා ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය, බතික් රාජ්‍ය අමාත්‍යාංශය, තල් සංවර්ධන මණ්ඩලය, අයිල් ඔෆ් රටා, බුද්ධි බතික් සහ 1984 ෂොප් යන ආයතන මෙම උත්සව අංගය සඳහා සහාය දැක්වීය.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 දෙසැම්බර් 14 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close