විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මැතිතුමා ඩකා නුවර පැවැත්වෙන ඉන්දියානු සාගර වටද්දර සංගමයේ (IORA) 21 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වේ

විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මැතිතුමා ඩකා නුවර පැවැත්වෙන ඉන්දියානු සාගර වටද්දර සංගමයේ (IORA) 21 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වේ

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා 2021 නොවැම්බර් 15-18 යන දිනවල බංග්ලාදේශයේ ඩකා නුවර නිල සංචාරයක නිරත වනු ඇත.

ඉන්දියානු සාගර වටද්දර සංගමයේ (IORA) 21 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීම (COM) සඳහා අමාත්‍යවරයා සහභාගී වීමට නියමිත අතර, මෙහිදී 2021-2023 යන කාල සීමාව සඳහා වන IORA හි උප සභාපති ධුරය ශ්‍රී ලංකාවට හිමි වනු ඇත. ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කමිටු (CSO) රැස්වීමට පෙර අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වේ.

මෙම රැස්වීම අතරතුර දී ද්විපාර්ශ්වික වශයෙන් දෙරටටම වැදගත් වන කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට අමාත්‍ය පීරිස් මැතිතුමා අපේක්ෂා කරයි.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

14 නොවැම්බර්, 2021

Print Friendly, PDF & Email
Please follow and like us:

Close