විද්වත් සහ වෘත්තීය විශිෂ්ටතම කාන්තාවන් 50 දෙනා පිදෙන සම්මාන උළෙලේ දී තානාපතිනී ග්‍රේස් ආසීර්වාතම් මැතිනිය රාජ්‍ය සහ ප්‍රජාපාලන අංශයේ සම්මානයෙන් පිදුම් ලබයි

විද්වත් සහ වෘත්තීය විශිෂ්ටතම කාන්තාවන් 50 දෙනා පිදෙන සම්මාන උළෙලේ දී තානාපතිනී ග්‍රේස් ආසීර්වාතම් මැතිනිය රාජ්‍ය සහ ප්‍රජාපාලන අංශයේ සම්මානයෙන් පිදුම් ලබයි

2022 ජනවාරි මස 18 වන දින කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවති ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ විද්වත් සහ වෘත්තීය විශිෂ්ටතම කාන්තාවන් 50 දෙනා පිදෙන සම්මාන උළ‍ෙලේ 11 වැනි අදියරේ දී තානාපතිනී ග්‍රේස් ආසිර්වාතම් මැතිනිය 2021 රාජ්‍ය සහ රාජ්‍ය පාලන අංශයේ සම්මානය දිනා ගත්තාය.

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ සහ නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සීතා අරඹේපොල මැතිනිය විසින් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු අභිමුඛයේ මෙම සම්මානය ප්‍රදානය කරන ලදී.

මෙම සම්මාන ප්‍රදානෝත්සවයේදී ශ්‍රී ලංකාව සහ මාලදිවයින නියෝජනය කළ විවිධ වෘත්තීන් සහ ව්‍යාපාර ක්ෂේත්‍රය ජයගත් විශිෂ්ටතම කාන්තාවන් 50 දෙනෙකු හට සිය වෘත්තීමය සහ ව්‍යාපාර ක්ෂේත්‍රයේ අත්කරගත් ජයග්‍රහණ සඳහා සම්මාන හිමි විය.

ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක සහ ජාත්‍යන්තර සිවිල් සේවිකාවක ලෙස වසර 33කට අධික සේවා කාලයක් මුළුල්ලේ එතුමිය විසින් අත්කරගනු ලැබූ විශිෂ්ට ජයග්‍රහණ වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය නියෝජනය කරමින් කීර්තිමත් රාජ්‍ය සහ රාජ්‍ය පාලන අංශයේ ගෞරවනීය සම්මානය තානාපතිනී ආසීර්වාතම් මැතිනිය වෙත පිරිනැමීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බ්‍රසල්ස්

2022 ජනවාරි 20 වැනි දින

Please follow and like us:

Close