විචිත්‍රවත් තොරතුරු තාක්ෂණ ව්‍යාපාර පද්ධති පිළිබඳව සංවාදයක් පැවැත්වීම සඳහා ෆ්‍රෑන්ක්ෆර්ට් සහ ශ්‍රී ලංකාව අතර හමුවක් පැවැත්වේ

විචිත්‍රවත් තොරතුරු තාක්ෂණ ව්‍යාපාර පද්ධති පිළිබඳව සංවාදයක් පැවැත්වීම සඳහා ෆ්‍රෑන්ක්ෆර්ට් සහ ශ්‍රී ලංකාව අතර හමුවක් පැවැත්වේ

ෆ්‍රෑන්ක්ෆර්ට් ඈම් මේන් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, ෆ්‍රෑන්ක්ෆර්ට්රයින්මේන් ජී.එම්.බී.එච් (FrankfurtRheinMain GmbH) සමාගම සහ මේන්ස්ටේජ් හබ් (Mainstage Hub) සමාගම සමඟ එක්ව ‘‘විචිත්‍රවත් තොරතුරු තාක්ෂණ ව්‍යාපාර පද්ධති සම්බන්ධයෙන් ෆ්‍රෑන්ක්ෆර්ට් හා ශ්‍රී ලංකාව අතර හමුවක්” යන මැයෙන් වෙබිනාර් සාකච්ඡාවක් සංවිධානය කළේ ය.

සහභාගිවන්නන් 50 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වූ මෙම වෙබිනාර් සාකච්ඡාව තුළින් ෆ්‍රෑන්ක්ෆර්ට් රයින්-මේන් (FRM) කලාපයේ ආරම්භක ව්‍යාපාර පද්ධතිය සම්බන්ධයෙන් වන සාකච්ඡා කෙරෙහි අවධානය යොමු වූ අතර ෆ්‍රෑන්ක්ෆර්ට් රයින්-මේන් කලාපය තුළ ගවේෂණය කිරීමට සහ යුරෝපය තුළ තම පැවැත්ම පුළුල් කිරීමට ඇති අවස්ථාවන් පිළිබඳව ශ්‍රී ලාංකික ව්‍යවසායකයන් දැනුවත් කෙරිණි. ශ්‍රී ලාංකික ආරම්භක ව්‍යාපාරිකයන්  ඉහළට ඔසවා තැබීමට ඉවහල් වූ  අදහස් සහ යෝජනා මෙන්ම මෙම ආරම්භක ව්‍යාපාර තුළින් ෆ්‍රෑන්ක්ෆර්ට් රයින්-මේන් වෙත අත්වන වාසි හුවමාරු කර ගැනීම සඳහා මෙම සංවාදය මූලික වශයෙන් උපකාරී විය.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ අපනයන සේවා අධ්‍යක්ෂිකා ඉඳුමිණි කොඩිකාර මහත්මිය විසින් ෆ්‍රෑන්ක්ෆර්ට් සහ ශ්‍රී ලංකාව නියෝජනය කළ සම්භාවනීය දේශකයන් සහ සහභාගිවන්නන් ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලදි. මෙම වසරේ නවෝත්පාදනවල 50% ක වැඩිවීමක් පුරෝකථනය කරන ලද ප්‍රක්ෂේපණයන් සමඟින් ශ්‍රී ලංකාවේ ආරම්භක ව්‍යාපාර පද්ධතිය පසුගිය දශකය තුළ ඉහළ ගොස් ඇත.

සිය ආරම්භක දේශනය සිදු කළ කොන්සල් ජනරාල් මධුරිකා ජෝශප් වෙනින්ගර් මහත්මිය ජාතීන් දෙක අතර පවත්නා සබඳතා පිළිබඳ දළ අදහසක් ලබා දුන් අතර කොවිඩ්-19 වසංගතය හමුවේ තොරතුරු තාක්ෂණ කර්මාන්තය වඩාත් පහසුවෙන් යථා තත්ත්වයට එළඹුණු කර්මාන්තයක් වූ බව අවධාරණය කළාය. 2015 වර්ෂයේ දී ඇ.ඩො.මි. 850 ක් වූ ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අපනයන 2020 වර්ෂය වන විට ඇ.ඩො.බි. 1.2 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය රටේ සමස්ත අපනයන ආදායමෙන් 9.3% ක් වන බව එතුමිය පැවසුවාය.

පසුගිය වසර දහය තුළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණ (BPO) අංශය සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති අතර එම අංශය සඳහා විශේෂඥයන් 120,000 කට අධික සංඛ්‍යාවක් සේවයේ යොදවා ඇති බවත් එය ශ්‍රී ලංකාවේ ප්‍රථම විශාලතම විදේශ විනිමය උපයන අංශය බවට පත්ව ඇති බවත් එතුමිය වැඩිදුරටත් පැවසුවාය. තවද කොන්සල් ජනරාල් කාර්යාලය මෙම වෙබිනාර් සාකච්ඡාව ආරම්භ කළේ ශ්‍රී ලංකාවේ කුසලතා සහිත අයවලුන්ගේ සංචිතය ජර්මානු ව්‍යාපාරිකයන් සමඟ සම්බන්ධ කිරීම සඳහා බව ඇය වැඩිදුරටත් පැවසුවාය. මේ අනුව තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණ සේවාවන් සඳහා ශ්‍රී ලංකාවේ මැදිහත්වීම සහ සහයෝගීතාව ශක්තිමත් කිරීමේ ක්‍රම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කොන්සල් ජනරාල්වරිය ජර්මානු නියෝජිත පිරිසකට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ඇරයුම් කළා ය.

සිය ඉදිරිපත් කිරීම සිදු කළ ෆ්‍රෑන්ක්ෆර්ට්රයින්මේන් ජී.එම්.බී.එච්. (FrankfurtRheinMain GmbH) හි අධ්‍යක්ෂිකා ආචාර්ය කස්තුරි දඩේ මහත්මිය  විශේෂයෙන්ම විචිත්‍රවත් ජාත්‍යන්තර තොරතුරු තාක්ෂණ සහ ෆින්ටෙක් තාක්ෂණ වපසැරියකින් සමන්විත සුවිසල් ෆ්‍රෑන්ක්ෆර්ට් කලාපයට සහ ජාත්‍යන්තර වෙළඳපොළට නිරාවරණය වීම මඟින් ශ්‍රී ලාංකික ව්‍යාපාර ඉහළ නැංවෙන බවත් ජර්මනියේ පමණක් නොව යුරෝපයේ ද සිය පැවැත්ම ඉහළ නැංවිය හැකි බවත් ප්‍රකාශ කළාය.

පුද්ගලයන් 126,000ක් සේවය කරන ආසන්න වශයෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ව්‍යාපාර 11,000 ක් පමණ ඇති හෙසන් ෆෙඩරල් ප්‍රාන්තයේ වඩාත්ම වැදගත් තාක්ෂණික අංශය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශය වන අතර එමඟින් යූරෝ බිලියන 41 ක වාර්ෂික විකිණුම් හිමි වේ. ෆ්‍රෑන්ක්ෆර්ට් යනු විශිෂ්ට සම්බන්ධතාවක් සහිත ලොව පුරා පැතිර ඇති ඩිජිටල් මධ්‍යස්ථානයක් වන අතර, එය අන්තර්ජාල හුවමාරුව පිළිබඳ ලොව ප්‍රමුඛතම ක්‍රියාකරුවෙකු ද වේ.

මේන්ස්ටේජ් හබ් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ නිර්මාතෘ ස්වෙන් වීග්නර් මහතා මෙම මුලපිරීම සමඟ සම්බන්ධ වීමට ලැබීම ගැන තමා ආඩම්බර වන බවත් මීට පෙර ඔවුන් ශ්‍රී ලංකාවේ බොහෝ ආරම්භක ව්‍යාපාරිකයන් සමඟ කටයුතු කර ඇති බවත් ඔවුන්ගේ ශක්තිය ඔවුන්ගේ තාක්ෂණික දැනුම බවත් මෙම වේදිකාව තුළින් මෙම ආරම්භක ව්‍යාපාරවල වර්ධනය සඳහා සැබවින්ම සහය විය හැකි බවත් ප්‍රකාශ කළේය.

අර්බන් සහ සෙන්ස්මේට් යනු ෆ්‍රෑන්ක්ෆර්ට්රයින්මේන් සමඟ ඉතා සමීපව කටයුතු කරන ශ්‍රී ලාංකික සමාගම් දෙකකි. මීට අමතරව, ඊ.සී. හෝල්ඩින්ග්ස්, අරිමැක් ලංකා, මැක්සෝල් ප්‍රෝ, කැබේජ් ඇප්ස්, පොටෙන්සා පුද්ගලික සමාගම වැනි සමාගම් සහ ශ්‍රී ලංකාවේ අනෙකුත් සමාගම් මෙම සංවාදයට සක්‍රීයව දායක වූහ.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂිකා වජිරා කුලරත්න මහත්මිය මෙම වෙබිනාර් සාකච්ඡාව මෙහෙයවූ අතර ස්තුති කතාව ද පැවැත්වූවාය. ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් ඇතුළුව මේන්ස්ටේජ් කණ්ඩායම සහ ශ්‍රී ලාංකික ආරම්භක ව්‍යාපාරිකයන් සමඟ පුද්ගලික සැසියක් පැවැත්වීම සඳහා පහසුකම් සැලසීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන අධිකාරිය බලාපොරොත්තු වන බව ද ඇය ප්‍රකාශ කළාය.

මෙම මුලපිරීම මඟින් ෆ්‍රෑන්ක්ෆර්ට් රයින්-මේන් කලාපය සමඟ ශ්‍රී ලංකාව පවත්වන සබඳතා පිළිබඳ නව පරිච්ඡේදයක ඇරඹුම සනිටුහන් කෙරෙන අතර ශ්‍රී ලංකාවේ ආරම්භක ව්‍යාපාරිකයන්ට තම විසඳුම් ෆ්‍රෑන්ක්ෆර්ට් රයින්-මේන් කලාපය තුළ පුළුල් කිරීම සහ ගවේෂණය කිරීම සඳහා  දිරිමත් කරවන තවත් බොහෝ සමාන සංවාද ඇතුළත් දිගුකාලීන සබඳතාවයක පළමු පියවර ලෙස හඳුනා ගත හැකිය. එය ශ්‍රී ලංකාවේ වර්ධනය වෙමින් පවතින ගෝලීය ආරම්භක ව්‍යාපාර පද්ධතිවල නවතම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රවණතා පිළිබඳව ඉගෙනීම සඳහා වන තෝතැන්නක් ලෙස සේවය සපයනු ඇත.

ශ්‍රී ලංකාවේ කොන්සල් ජනරාල් කාර්යාලය

ෆ්‍රෑන්ක්ෆර්ට් ඈම් මේන්

2021 නොවැම්බර් 12 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close