වානේ කර්මාන්තයේ දැවැන්තයෙකු වන බාවු සමාගම හම්බන්තොට නගරය තුළ ඩොලර් බිලියනයක ආයෝජනයක්  සිදු කිරීම පිළිබඳව සැලසුම් කරයි

වානේ කර්මාන්තයේ දැවැන්තයෙකු වන බාවු සමාගම හම්බන්තොට නගරය තුළ ඩොලර් බිලියනයක ආයෝජනයක්  සිදු කිරීම පිළිබඳව සැලසුම් කරයි

අන්හුයි හි මා’ අන්ෂාන් හි පිහිටි බාවු ස්ටීල් සමූහ ව්‍යාපාරයේ කාර්යාලය වෙත පැමිණි චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා, ශ්‍රී ලංකාවේ පවත්නා ආයෝජන විභවයන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එම සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය හමු විය. ශ්‍රී ලංකාවේ හම්බන්තොට ප්‍රදේශය තුළ සැලකිය යුතු ආකාරයේ ආයෝජනයක් සිදු කිරීම පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයක්, බාවු ස්ටීල් සමාගම විසින් සකස් කිරීමට නියමිත ය.

 

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බීජිං

2022 මාර්තු 18 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close