ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවති 2021 නත්තල් සැමරුම

ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවති 2021 නත්තල් සැමරුම

මහජන රාජ්‍ය තාන්ත්‍රික වැඩසටහනේ අංගයක් ලෙස ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් එක්සත් ජාතීන්ගේ සාම සාධක ඒකකයේ (UNIFIL) ස්ථාපිත ශ්‍රී ලංකා යුද හමුදාවේ සාම සාධක භටයන් සහ ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකික සංක්‍රමණික ප්‍රජාව සමඟ සම්බන්ධීකරණයෙන් 2021 දෙසැම්බර් මස 19 වන දින විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ප්‍රීතිමත් නත්තල් උත්සවයක් පවත්වනු ලැබීය.

සැමරුම් උත්සවය ශ්‍රී ලංකා ජාතික ගීය සමඟින් ආරම්භ වූ අතර සම්ප්‍රදායික තෙල් පහන දැල්වීමෙන් අනතුරුව ලෙබනනයේ පිහිටි කරීටාස් ක්‍රිස්තියානු ඒකාබද්ධ සංගමයේ බිනෝයි වාර්ගීස් මන්ඩපතීල් පියතුමා විසින් නත්තල් යාඥා මෙහෙය පවත්වන ලදි.

ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපතිනි  ශානි කල්‍යාණරත්න කරුණාරත්න මැතිණිය විසින් ආගමික සහජීවනය දිරිමත් කරමින් රැස්ව සිටි පිරිස අමතනු ලැබුවාය. ලෙබනනයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් හට තම ඉපැයීම් නීත්‍යනුකූලව බැංකු හරහා ශ්‍රී ලංකාව වෙත එවා ශ්‍රී ලාංකීය ආර්ථිකයට සහයෝගය දක්වන ලෙස ද එතුමිය ඉල්ලා සිටියාය.

මෙම අවස්ථාවේ දී රත්නදීප ගීතිකා කණ්ඩායම විසින් නත්තල් කැරොල් ගීත ගායනා කරනු ලැබූ අතර UNIFIL ආයතනයේ කැලිප්සෝ වාදක කණ්ඩායම මඟින් ඊට සංගීතය සැපයිණි.මෙම උත්සවයට සහභාගි වූ සියලු දෙනා හට ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික දිවා භෝජනයක් පිරිනැමුණු අතර තානාපති කාර්ය මණ්ඩලය විසින් නත්තල් තෑගි බෙදා දෙනු ලැබිණි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ලෙබනනය

2021 දෙසැම්බර් 22 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close