ලෙබනනයේ පැවති  කුසලතා සංදර්ශනය (Talent Show – 2022)

 ලෙබනනයේ පැවති  කුසලතා සංදර්ශනය (Talent Show – 2022)

ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සිය මහජන රාජ්‍යතාන්ත්‍රික ප්‍රජා සුබසාධන වැඩසටහනේ අංගයක් ලෙස, රත්නදීප ජාත්‍යන්තර සංක්‍රමණික මණ්ඩලය සමඟ එක්ව මැයි දිනය අරභයා කුසලතා සංදර්ශනයක් සහ සල්පිලක්  සංවිධානය කළේ ය.

ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් පමණක් නොව, වෙනත් ජාතීන්ට අයත් සංක්‍රමණික ශ්‍රමිකයන් මෙන්ම ලෙබනන් ජාතිකයෝ ද ඊට සහභාගී වූහ.

සංක්‍රමණික ප්‍රජාව ඉදිරිපත් කළ නැටුම් හා ගැයුම්වලින් මෙම උත්සවය වර්ණවත් වූ අතර, ප්‍රධාන ත්‍යාග 3ක් සහ සැනසිලි ත්‍යාග 60ක් ඇතුළත් දිනුම් ඇදීමක් ද මෙහිදී පවත්වන ලදී. මෙහි පළමු ත්‍යාගය වූයේ කටාර් ගුවන් සමාගම විසින් පිරිනමන ලද නැවත පැමිණීමේ ගුවන් ටිකට් පතකි.

ලෙබනනයේ සහ සිරියාවේ තානාපති ශානි කල්‍යාණරත්න කරුණාරත්න මැතිනිය මෙම වැඩසටහන සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී  වූ අතර, රත්නදීප ජාත්‍යන්තර සංක්‍රමණ මණ්ඩලය නියෝජනය කළ කුසුම් කොඩිකාර මහත්මිය සහ නුවන් කොඩිකාර මහතා මෙම වැඩසටහනෙහි අධ්‍යක්ෂවරු ලෙස කටයුතු කළහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බේරූට්

2022 මැයි 09 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close