ලන්ඩනයේ පැවති World Travel Market ප්‍රදර්ශනයේ දී ශ්‍රී ලංකාවේ චාරිකා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කෙරේ

ලන්ඩනයේ පැවති World Travel Market ප්‍රදර්ශනයේ දී ශ්‍රී ලංකාවේ චාරිකා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කෙරේ

2022 නොවැම්බර් 07-09 යන දිනවල ලන්ඩනයේ එක්සෙල් හි පැවති World Travel Market (WTM) ප්‍රදර්ශනයට සහභාගී වීම සඳහා ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය (SLTPB) සහ චාරිකා සංචාරක ව්‍යාපාරයේ නියුතු හවුල්කරුවන් 57 දෙනෙකුට අවශ්‍ය පහසුකම් සලසන ලදී.

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන මැතිනිය, SLTPB හි සභාපති චාලක ගජබාහු මහතා, ශ්‍රී ලංකා සම්මේලන කාර්යංශයේ සභාපති තිසුම් ජයසූරිය මහතා, සංචාරක අමාත්‍යංශයේ උපදේශක කමිටුවේ සභාපති පණ්ඩුක කීර්තිනන්ද මහතා, ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ මෙරට කළමනාකාර චින්තක වීරසිංහ මහතා, ශ්‍රී ලංකා සංචාරක ආයතනයේ හා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සහ එක්සත් රාජධානියේ සංචාරක වෙළඳාම නියෝජනය කරන ආරාධිතයින් හමුවේ, නොවැම්බර් 07 වැනි දින ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය විවෘත කළේ ය.

තෙදිනක් මුළුල්ලේ පැවති මෙම ප්‍රදර්ශනය පුරාවට, ශ්‍රී ලංකාවේ චාරිකා සංචාරක කර්මාන්තයේ නියෝජිතයන්, එක්සත් රාජධානියේ සහ ලොව පුරා සිටින සංචාරක කර්මාන්තයේ හවුල්කරුවන් සමඟ අන්තර් ක්‍රියා පවත්වා ජාලගත කිරීම්වලට යොමුවූ හ. ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය පිළිබඳ නවතම තොරතුරු බෙදා හැරීමට සහ චාරිකා සංචාරක ක්ෂේත්‍රයේ නවතම ප්‍රවණතා සමඟ සමීප වීම සඳහා WTM ප්‍රදර්ශනය මඟින් ඔවුන්ට අවස්ථාව හිමිවිය.

ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශන කුටියට පැමිණි නරඹන්නන්ට, එම කුටිය තුළ ඉදිරිපත් කරන ලද සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික නර්තනාංගය ඔස්සේ ශ්‍රී ලංකාව සතු සංස්කෘතිකමය වශයෙන් හරවත් සම්ප්‍රදායන් පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට අවස්ථාව උදාවිය. නැවුම් ලෙස සකසන ලද, මෙරට කලාප 07 කට අයත් ලංකා තේවලින් සමන්විත ලංකා තේ කුටිය ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටියේ කැපී පෙනෙන අංගයක් විය.

WTM ප්‍රදර්ශනයට සමගාමීව, සංචාරක අමාත්‍යවරයා සහ SLTPB හි සභාපතිවරයා එක්සත් රාජධානියේ ප්‍රමුඛ පෙළේ චාරිකා සංචාරක සමාගම්, සංගම් සහ චාරිකා සංචාරක මාධ්‍ය සමඟ ව්‍යාපාරාන්තර රැස්වීම් මාලාවක් පැවැත්වූ හ. ශ්‍රී ලංකා සංචාරක ආයතනය විසින් එක්සත් රාජධානියේ ප්‍රධාන ධාරාවේ චාරිකා සංචාරක කර්මාන්තය සහ චාරිකා සංචාරක මාධ්‍ය සඳහා සංවිධානය කරන ලද මාධ්‍ය සාකච්ඡාවක් ද මෙම ප්‍රදර්ශන භූමියේ දී පැවැත්විණි.

චාරිකා සංචාරක සහ සංචාරක ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ගෝලීය වැඩසටහන වන WTM ප්‍රදර්ශනය, සෑම වසරකම, ලොව පුරා සිටින නරඹන්නන් 30,000 කට අධික සංඛ්‍යාවක්, වෙළඳ හවුල්කරුවන් 5,000ක් සහ මාධ්‍යවේදීන් 3000 කට අධික සංඛ්‍යාවක් ආකර්ෂණය කරගනී.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

ලන්ඩන්

2022 නොවැම්බර් 08 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close