මොස්කව්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සහ රුසියානු සමූහාණ්ඩුවේ යූරල් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය අතර සහයෝගීතාවය සඳහා පහසුකම් සලසයි

මොස්කව්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සහ රුසියානු සමූහාණ්ඩුවේ යූරල් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය අතර සහයෝගීතාවය සඳහා පහසුකම් සලසයි

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික අංශ සහ රුසියානු සමූහාණ්ඩුවේ යූරල් කලාපය අතර සමීප සහයෝගීතාවයක ආරම්භය සනිටුහන් කරමින්, සභා දෙක අතර සමීප සහයෝගීතාව සඳහා පදනම ස්ථාපිත කිරීම පිණිස 2021 අගෝස්තු 30 වැනි දින ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩල ප්‍රධානීන් සහ රුසියානු සමූහාණ්ඩුවේ යූරල් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය අතර මාර්ගගත සාකච්ඡාවක් පැවැත්විණි.මෙහි ආරම්භය සංවිධානය වූයේ මොස්කව්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම් (වාණිජ) තවිශ්යා මුල්ලේගම්ගොඩ මහත්මිය 2021 ජූලි මාසයේ දී යූරල් කලාපයේ අගනුවර සහ රුසියාවේ කාර්මික අගනුවර වන එක්තරින්බර්ග් හි නිරත වූ ඵලදායී සංචාරයෙන් අනතුරුවය.

දෙරට අතර පවතින සමීප හා මිත්‍ර සබඳතා ගැන සඳහන් කරමින් රැස්වීම ආරම්භ කළ ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ සභාපති නන්දික බුද්ධපාල මහතා, රුසියාවේ තාක්‍ෂණ හා කර්මාන්ත අංශවල දැවැන්ත වර්‍ධනය සහයෝගීතාවයට වැදගත් හේතුවක් බව වැඩි දුරටත් සඳහන් කළ අතර, සිය සවිස්තර ඉදිරිපත් කිරීමේ දී ඔහු ජාතික වාණිජ මණ්ඩලය පිළිබඳ යම් යම් සංඛ්‍යා හා වැදගත් කරුණු බෙදා හදාගත්තේය.

රුසියාවේ යූරල් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සභාපති ඇන්ඩ්‍රි බෙසෙඩින් මහතා සහයෝගයෙන් කටයුතු කිරීමට සිය කැමැත්ත සහ උනන්දුව ප්‍රකාශ කළ අතර, යුරල් කලාපය කාර්මික නිෂ්පාදන අංශයෙන් පමණක් නොව රුසියාවේ ජාත්‍යන්තර ක්‍රියාකාරකම් අංශයෙන් ද ප්‍රමුඛ පෙලේ කලාපයක් බව සඳහන් කළේය.

ඵලදායී හා සවිස්තරාත්මක සාකච්ඡාවකින් පසු, වාණිජ මණ්ඩල දෙක අතර සහයෝගීතාවයක් ඇති කර ගැනීමේ ප්‍රධාන අරමුණ වන්නේ දෙරටේම ව්‍යාපාරික සබඳතා පුළුල් කර ගැනීම බවට වාණිජ මණ්ඩලදෙකේම සභාපතිවරුන් එකඟ වූ අතර, ඊළඟ පියවර ලෙස නුදුරු අනාගතයේ දී දෙරටේම ව්‍යාපාර අංශවල නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් මාර්ගගත රැස්වීමක් පැවැත්වීමට දෙපාර්ශවයම  යෝජනා කළේය.තව දුරටත්, ඊළඟ පියවර ලෙස ශ්‍රී ලංකා හා රුසියානු ව්‍යාපාරික මණ්ඩල දෙක අතර ඵලදායී සහයෝගීතාවයකට මාවත සකස් කර ගැනීම සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට නායක දෙපළ මෙම සාකච්ඡාවේ දීකැමැත්ත පළ කළහ.

මොස්කව් සහ ශාන්ත පීටර්ස්බර්ග්ට පසුව රුසියාවේ ඇති පැරණිතම වාණිජ මණ්ඩලවලින් එකක් වන යූරල් වාණිජ මණ්ඩලයට රටවල් 150 කට අධික සංඛ්‍යාවක හවුල්කරුවන් සිටී.මෙය කාර්මික නිෂ්පාදන සාන්ද්‍රනය රුසියානු සමූහාණ්ඩුවේ සාමාන්‍යයට වඩා 4.5 ගුණයකින් වැඩි ජනගහනය මිලියන 16.5 ක් වන රුසියාවේ කාර්මික කලාපයේ දොරටු ශ්‍රී ලංකාව සඳහා විවර වීමක් වනු ඇති අතර, එය ශ්‍රී ලංකාවේ භාණ්ඩ සඳහා අති විශාල වෙළෙඳපොළකි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

මොස්කව්

2021 සැප්තැම්බර් 18 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close