මුම්බායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සංවිධානය කළ බෞද්ධ මංපෙත් ප්‍රවර්ධන වැඩසටහන යටතේ ඉන්දීය බෞද්ධයෝ ශ්‍රී ලංකාවට පැමිණෙති

මුම්බායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සංවිධානය කළ බෞද්ධ මංපෙත් ප්‍රවර්ධන වැඩසටහන යටතේ ඉන්දීය බෞද්ධයෝ ශ්‍රී ලංකාවට පැමිණෙති

මුම්බායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ වෙසෙන බෞද්ධයන් 90 දෙනෙකුගෙන් සමන්විත බොදුණු සංචාරක කණ්ඩායමකට මෙරට සංචාරය කිරීම සඳහා අවස්ථාව සැලසී ය. මෙම දූත මණ්ඩලය ක්‍රියාත්මක කරන බෞද්ධ මංපෙත් ප්‍රවර්ධන වැඩපිළිවෙල යටතේ ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු බොදුණු කණ්ඩායම මෙයයි.

2022 මැයි 12 වැනි දින කොළඹට පැමිණි මෙම පිරිස ඉන් අනතුරුව අනුරාධපුරය, මහනුවර, කතරගම ආදී ප්‍රදේශවල පිහිටි පූජනීය බෞද්ධ සිද්ධස්ථාන නැරඹීමට අපේක්ෂා කරයි. මෙම පිරිසෙහි නායකත්වය දරන්නේ මුම්බායි නුවර උල්හාස්නගර් හි මහා මහින්ද විහාරයේ විහාරාධිපති නලුවෙල ආනන්ද මහා හිමියන් ය. ඉන්දියාවේ සමස්ත බෞද්ධ ජනගහනයෙන් 77% ක් නියෝජනය කරන මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය තුළ මිලියන 6.5 කට අධික බෞද්ධයන් පිරිසක් වාසය කරති. ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ ආයතනයේ පිළිගැනීමට පාත්‍ර වූ බෞද්ධ උරුම 52කට අධික ප්‍රමාණයක් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ඇත. ගුහා 60-100 දක්වා ප්‍රමාණයකින් සමන්විත මෙම ස්ථානවලට 'අජන්තා එල්ලෝරා' ගුහා ද ඇතුළත් ය.

ශ්‍රී ලංකාව අරභයා සිදු කෙරෙන සංචාරක පැමිණීම් ආශ්‍රිත නව ධාරාවක් ඇති කිරීම සඳහා මෙම දූත මණ්ඩලය ශ්‍රී ලංකාවේ බෞද්ධ ස්ථාන මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ වෙසෙන බෞද්ධයන් අතර ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාකාරීව කටයුතු කරයි.

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය

මුම්බායි

2022 මැයි 19 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close