මැලේසියාවේ නම් කළ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා සිය අක්තපත්‍ර ලිපියේ විවෘත පිටපත ඉදිරිපත් කරයි

මැලේසියාවේ නම් කළ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා සිය අක්තපත්‍ර ලිපියේ විවෘත පිටපත ඉදිරිපත් කරයි

මැලේසියාවේ නම් කළ ශ්‍රී ලංකා මහ කොමසාරිස් - එයාර් චීෆ් මාර්ෂල් සුමංගල ඩයස් මැතිතුමා සිය අක්තපත්‍රවල විවෘත පිටපත 2022 පෙබරවාරි මස 07 වැනි සඳුදා දින මැලේසියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සන්ධාන කටයුතු ප්‍රධානී ඩාතුක් වන් සයිඩී බින් අබ්දුල්ලා මැතිතුමන් වෙත භාර දුන්නේය.

මැලේසියානු රජය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් පිරිනමන ලද සියලු ආධාර සහ පහසුකම් වෙනුවෙන් නම් කළ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා මැලේසියානු සන්ධාන කටයුතු ප්‍රධානීතුමා වෙත සිය ස්තුතිය පුද කළේය. දෙරට අතර පවත්නා ද්විපාර්ශ්වික සබඳතා ඉහළ මට්ටමකට රැගෙන ඒම සඳහා ඇප කැප වී කටයුතු කිරීමේ සිය අපේක්ෂාවන් පිළිබඳවද එතුමා අවධාරණය කළේය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය
ක්වාලාලම්පූර්

2022 පෙබරවාරි 11 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close