මැදපෙරදිග කලාපයේ වත්මන් තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ලට පත්ව සිටියි. එම තත්වය සමනය කිරීම සඳහා ස්ථිර ක්‍රියාමාර්ග ගන්නා ලෙස අපි සියලු පාර්ශ්වයන්ගෙන් තරයේ ඉල්ලා සිටින්නෙමු. මැදපෙරදිග කලාපයේ ස්ථාවරත්වය සහතික කිරීමේ අරමුණින්, සාමය ස්ථාපිත කොට පවත්වා ගැනීම සඳහා, අදාළ සියලු පාර්ශ්වයන් නැවත සංවාදයට පැමිණ, නොපසුබට රාජ්‍යතාන්ත්‍රික ප්‍රයත්නවල නිරත විය යුතුය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ
2025 ජුනි 23 වැනි දින
Please follow and like us:


