මානව සම්පත් සංවර්ධන, පර්යේෂණ හා පුහුණු අංශය

මානව සම්පත් සංවර්ධන, පර්යේෂණ හා පුහුණු අංශය

මානව සම්පත් සංවර්ධන, පර්යේෂණ හා පුහුණු අංශය 2019 දී ප්‍රතිපත්ති සැලසුම් හා පර්යේෂණ අංශය සහ මානව සම්පත් සංවර්ධන උප අංශය ඒකාබද්ධ කර පිහිටුවන ලද්දකි. ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ විශේෂිත පැතිකඩවල් පිළිබඳ ප්‍රතිපත්තිමය උපදෙස් සකස් කිරීම, විදේශ අමාත්‍යාංශයේ දිගුකාලීන උපායමාර්ගික සැළැස්ම සඳහා දායක වන දැනට පවත්නා ප්‍රතිපත්ති ඇගයීම සහ තක්සේරු කිරීම, පර්යේෂණ සිදු කිරීම සහ කාලීන ගෝලීය අදාළත්වය පිළිබඳ විශ්ලේෂණයන් සැපයීම මෙම අංශයේ ප්‍රධාන කාර්යය වෙයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නිලධාරීන්ගේ ධාරිතාව ඉහල නැංවීම සහ පුහුණුව ලබා දීම කෙරෙහි අවධානය යොමු කරමින් හා ශ්‍රී ලංකා විදේශ සේවා නිලධාරීන්ගේ සහ විදේශීය රටවල පිහිටි ශ්‍රී ලංකා දූතමණ්ඩලවල සේවය කිරීම සඳහා තෝරාගත් එම නිලධාරීන්ගේ වෘත්තීමය සංවර්ධනය සඳහා මෙම අමාත්‍යංශය “ඉගෙනුම් කේන්ද්‍රස්ථානයක්” ලෙස පරිවර්තනය කිරීමෙන් වෘත්තීය නිපුණතාව උකහාගැනීමේ අරමුණෙන් යුතුව මෙම අමාත්‍යංශයේ මානව සම්පත් සංවර්ධන කාර්යයද මෙම අංශය වෙත පවරා තිබේ.

අධ්‍යක්ෂ ජනරාල්

නම: සුමිත් දිසානායක මහතා
දුරකතනය: +94 11 2 388 680
විද්‍යුත් තැපෑල: dgppr(at)mfa.gov.lk

අධ්‍යක්ෂ

නම :  දිලිනි ලෙනගල මිය
දුරකතනය: +94 112 207 232
විද්‍යුත් තැපෑල: dilini.lenagala(at)mfa.gov.lk

සහකාර අධ්‍යක්ෂ

නම :  තිලිනි රණසිංහ මිය
දුරකතනය: +94 112 207 231
විද්‍යුත් තැපෑල: dilini.lenagala(at)mfa.gov.lk

ශාඛා ප්‍රධානී

නම :  ඒ.ඩී.ආර්. වීරතුංග මිය
දුරකතනය:
+94 112 207 232
විද්‍යුත් තැපෑල:
hrdd(at)mfa.gov.lk

 

Close