බෙල්ජියමේ ඇන්ට්වර්ප් හි නිර්වේතනික කොන්සල්වරියගේ සේවා කාලය දීර්ඝ කෙරේ

 බෙල්ජියමේ ඇන්ට්වර්ප් හි නිර්වේතනික කොන්සල්වරියගේ සේවා කාලය දීර්ඝ කෙරේ

බෙල්ජියමේ ඇන්ට්වර්ප් හි නිර්වේතනික කොන්සල්වරිය වන මොනික් ඩී ඩෙකර්-ඩෙප්‍රෙස් මහත්මිය සිය සේවා කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වන ලිපිය බ්‍රසල්ස් හි ශ්‍රී ලංකා තානාපතිනී ග්‍රේස් ආසිර්වතම් මැතිණිය අතින් ලබා ගත්තාය. වසර 24කට වැඩි කාලයක් ඩී ඩෙකර්-ඩෙප්‍රෙස් මහත්මිය මෙම ධුරය හොබවා ඇති අතර ශ්‍රී ලංකාව සහ බෙල්ජියම අතර ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා ඇය දැක්වූ විශිෂ්ට දායකත්වය අගයමින් 2005 වසරේ දී “ශ්‍රී ලංකා රංජන” යන ගෞරව නාමයෙන් ද ඇය පිදුම් ලැබීය.

ශ්‍රී ලංකාවේ නිර්වේතනික කොන්සල්වරිය වශයෙන් කටයුතු කරන මොනික් ඩි ඩෙකර්-ඩෙප්‍රෙස් මහත්මිය මේ වන විට බෙල්ජියමේ නිර්වේතනික කොන්සල්වරුන් එකසිය විස්සක් නියෝජනය කරන කොන්සියුලර් සංගමයේ සභාපතිනිය ලෙස ඉතා ගෞරවනීය තනතුරක් දරයි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බ්‍රසල්ස්

2021 දෙසැම්බර් මස 20 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close