බිම්ස්ටෙක් මහලේකම් ටෙන්සින් ලෙක්ෆෙල් මැතිතුමා ඩකා හිදී විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා හමු වෙයි

බිම්ස්ටෙක් මහලේකම් ටෙන්සින් ලෙක්ෆෙල් මැතිතුමා ඩකා හිදී විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා හමු වෙයි

බංග්ලාදේශයේ ඩකා හි පැවැත්වෙන 21 වැනි ඉන්දියන් සාගර වටද්දර රටවල සංගමයේ (IORA) අමාත්‍ය මණ්ඩල රැස්වීම අතරවාරයේ දී,  විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාව සඳහා වූ බෙංගාල බොක්ක ප්‍රවේශයේ (BIMSTEC) මහලේකම් ටෙන්සින් ලෙක්ෆෙල් මැතිතුමා සමඟ අද (16) දින සාකච්ඡා පැවැත්වී ය.

ශ්‍රී ලංකාව එහි සභාපතිවරයා ලෙස ආයතනික ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කළ අතර, බිම්ස්ටෙක් ප්‍රඥප්තිය අවසන් කිරීමටත්, බිම්ස්ටෙක්හි අනාගත ක්‍රියාකාරකම් කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා සාමාජික රටවල් අතර සහයෝගීතාවයේ නිර්වචනය කරන ලද ක්ෂේත්‍ර වෙන් කිරීමටත් සමත් වූ බව අමාත්‍ය පීරිස් යළි අවධාරණය කළේය.

ශ්‍රී ලංකාව එහි සභාපතිවරයා ලෙස ආයතනික සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කළ බවත්, බිම්ස්ටෙක් ප්‍රඥප්තිය අවසන් කිරීමටත්, බිම්ස්ටෙක් හි අනාගත ක්‍රියාකාරකම් කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා සාමාජික රටවල් අතර පවත්නා සහයෝගිතාවයේ නිශ්චය කරන ලද ක්ෂේත්‍ර වෙන් කර දැක්වීමට සමත් වූ බවත් අමාත්‍ය පීරිස් මැතිතුමා යළි අවධාරණය කළේ ය. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් එල්ල විය හැකි අභියෝග අවම කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සාර්ථක එන්නත්කරණ වැඩසටහන යටතේ, පුද්ගලික වශයෙන් සහභාගී වීමට හැකි වන පරිදි 5 වැනි බිම්ස්ටෙක් සමුළුව ලබන වසරේ මුල් භාගයේ දී කොළඹ දී පැවැත්වීමට ශ්‍රී ලංකාව උනන්දු වන බවත්, ඒ අනුව සාමාජික රටවල් සමඟ සාකච්ඡා කර රැස්වීම පවත්වන දිනය දැනුම් දෙන බව ද එතුමා සඳහන් කළේ ය.

2021 දෙසැම්බර් 5-9 යන දිනවල ශ්‍රී ලංකාව තුළ සංචාරයේ නිරත වන ලෙස  ආරාධනා කිරීම සම්බන්ධයෙන් මහලේකම්වරයා අමාත්‍යවරයාට සිය ස්තුතිය පළ කළ අතර, එහිදී ශ්‍රී ලංකාවේ විෂය පථයට අයත් ප්‍රධාන අංශ වන විද්‍යා හා තාක්ෂණික සහ නවෝත්පාදන අංශය ඇතුළුව සෞඛ්‍ය සහ මානව සම්පත් සංවර්ධනය යන අනු අංශ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඉහළ පෙළේ නිලධාරීන් සහ රේඛීය නියෝජිතායතන හමු වීමට සැලසුම් කර ඇත. විදේශ අමාත්‍යංශයේ නිලධාරීන් ඇතැම් රේඛීය නියෝජිතායතන හමුවී කලාපයට ප්‍රතිලාභ අත්වන ක්ෂේත්‍ර සඳහා ක්‍රියාකාරී සැලසුම් සකස් කරමින් සිටින බව අමාත්‍ය පීරිස් මැතිතුමා ප්‍රකාශ කළේ ය.

බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මහාචාර්ය එස්. ඩී. එස්. සෙනෙවිරත්න මැතිතුමා, විදේශ අමාත්‍යංශයේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් ආර්ථික කටයුතු (බහුපාර්ශ්වික) අන්සුල් ජාන් මහත්මිය සහ නියෝජ්‍ය මහ කොමසාරිස් රුවන්ති දෙල්පිටිය මහත්මිය යනාදීහු විදේශ අමාත්‍යවරයා සමඟ මෙම හමුවට සහභාගි වූහ.

විදේශ අමාත්‍යංශය

කොළඹ

2021 නොවැම්බර් මස 16 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close