බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ රඳවා ඇති ඒරෝෆ්ලෝට් මගී ගුවන් යානය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශය

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ රඳවා ඇති ඒරෝෆ්ලෝට් මගී ගුවන් යානය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශය

මේ වන විට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ  (BIA) රඳවා ඇති SU-289 නමැති ඒරෝෆ්ලෝට් මගී ගුවන් යානය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය පහත කරුණු ඉදිරිපත් කරයි.

මෙම ඒරෝෆ්ලෝට් ගුවන් යානය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ගුවන්ගත වීම වළක්වමින් 2022 ජූනි 2 වැනි දින බස්නාහිර පළාත් වාණිජ මහාධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කරන ලදී.

මෙම නඩුව පැමිණිලිකාර පාර්ශ්වය වන සෙලෙස්ටියල් ඒවියේෂන් ට්‍රේඩින්ග් 10 ලිමිටඩ් නමැති අයර්ලන්ත සමාගම, පළමු විත්තිකරු වන “ඒරෝෆ්ලෝට්” මහජන ඒකාබද්ධ කොටස් සමාගම සහ දෙවැනි විත්තිකරු වන කටුනායක ශ්‍රී ලංකා ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ (AASL) වැඩ බලන ගුවන් නාවික ප්‍රධානී එන්. සී. අබේවර්ධන මහතාට එදිරිව පවත්නා වාණිජමය ආරවුලක් හා සබැඳි නඩුවකි.

මේ වන විටද අධිකරණය මෙම නඩුව සම්බන්ධයෙන්  අවසන් තීරණයකට එළඹ නොමැත. තවද, මෙය සමාන්‍ය රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ ද සාකච්ඡාවට බඳුන් වෙමින් පවතී.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 ජූනි 04 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close