පූජ්‍ය ඔස්ට්‍රියාවේ සුසීල හිමි පැවිදි කිරීම

 පූජ්‍ය ඔස්ට්‍රියාවේ සුසීල හිමි පැවිදි කිරීම

ප්‍රථම වරට ඔස්ට්‍රියානු ජාතිකයකු පැවිදි කිරීමේ උත්සවයක් 2022 මාර්තු 6 වැනි දින ඔස්ට්‍රියාවේ ධම්ම-සෙන්ට්‍රම් න්‍යානපොනිකාහි දී පැවැත්විණි. ඔස්ට්‍රියාවේ ධම්ම-සෙන්ට්‍රම් න්‍යානපොනිකා හි විහාරාධිපති අතිපූජ්‍ය ආචාර්ය විජයරාජපුර සීලවංශ හිමියන් විසින් ඔස්ට්‍රියානු ජාතිකයකු වන මාර්කස් පැස්ටොල්නිග් මහතා පූජ්‍ය සුසීල හිමියන් ලෙස පැවිදි කරන ලදී. මෙම උත්සවය සඳහා ඉතාලිය, ප්‍රංශය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ මහා සංඝරත්නය විසින් යතිවර සම්ප්‍රදායේ චාරිත්‍ර පවත්වන ලදි.

තානාපති කාර්යාලයේ තානාපතිවරයා සහ කාර්ය මණ්ඩලය, පැස්ටෝල්නිග් මහතාගේ පවුලේ සාමාජිකයන් මෙන්ම, ශ්‍රී ලාංකික ප්‍රජාව සහ ඔස්ට්‍රියානු බැතිමත්හු ද මෙම උත්සවයට සහභාගී වූහ. අතිපූජ්‍ය ආචාර්ය විජයරාජපුර සීලවංශ හිමියන් පසුගිය වසර 40 තුළ බුදුදහමේ උන්නතිය සඳහා ඉටු කළ අගනා දායකත්වය අගය කළ තානාපති මජින්ත ජයසිංහ මැතිතුමා,  දිගු ඉතිහාසයක් සහිත පැවිදි කිරීමේ උත්සවයක් ඔස්ට්‍රියාව තුළ ප්‍රථම වරට පැවැත්වීම හරහා, සම්ප්‍රදායික වශයෙන් දෙරට අතර පවතින සමීප, මිත්‍රශීලී හා සුවිශේෂී සබඳතා තවදුරටත් ශක්තිමත් වන බව සඳහන් කළේ ය. මෙම උත්සවයෙන් අනතුරුව, මහා සංඝරත්නය වෙත හීල් දානයක් පිළිගන්වන ලදි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා නිත්‍ය දූත මණ්ඩලය

වියානා

2022 මාර්තු 15 වැනි දින

 

 

Please follow and like us:

Close