නෝර්වේ හි හුර්ඩාල් හි අභිනවයෙන් පිහිටුවන ලද ශ්‍රී ලංකා බෞද්ධ විහාරය විවෘත කිරීමේ උත්සවය

නෝර්වේ හි හුර්ඩාල් හි අභිනවයෙන් පිහිටුවන ලද ශ්‍රී ලංකා බෞද්ධ විහාරය විවෘත කිරීමේ උත්සවය

නෝර්වේ හි හුර්ඩාල් හි අභිනවයෙන් පිහිටුවන ලද ශ්‍රී ලංකා බෞද්ධ විහාරය එම විහාරයේ විහාරාධිපති පූජ්‍ය මරතුගොඩ මනිරතන ස්වාමීන් වහන්සේ, පූජ්‍ය උණපානේ පේමානන්ද ස්වාමීන් වහන්සේ සහ නෝර්වේ හි තිසරණ ශ්‍රී ලංකා බෞද්ධ සංගමය සමඟ එක්ව 2021 ජූලි 3 වැනි දින විවෘත කරන ලදි.

නෝර්වේ හි ශ්‍රී ලංකා තානාපති ගොඩ්ෆ්‍රි කුරේ මැතිතුමා, බෝර්ග් හි රදගුරු ඇට්ල් සොමර්ෆෙල්ඩ් බිෂොප්තුමා, හුර්ඩාල් හි නගරාධිපති පෝල් ජොහාන් මෝල්ට්සෝ මැතිතුමා, නෝර්වේ බෞද්ධ සම්මේලනයේ මහලේකම් එගිල් ලොතේ මහතා, කැරින් ක්‍රිස්ලි හර්ඩාල් ප්‍රදේශයේ වැඩ බලන පූජකතුමිය, තිසරණ බෞද්ධ සංගමයේ සාමාජිකයින්, ශ්‍රී ලංකා බෞද්ධ විහාරය සහ නෝර්වේ හි හර්ඩාල් හි වැසියෝ මෙම  සමාරම්භක උත්සවය සඳහා සහභාගී වූහ.

ඔස්ලෝ බෞද්ධ විහාරය 2011 දී තිසරණ ශ්‍රී ලංකා බෞද්ධ සංගමය විසින් නෝර්වේ බෞද්ධ සම්මේලනයේ ද සහාය ඇතිව ආරම්භ කරන ලදි. ඔස්ලෝ බෞද්ධ විහාරයේ නායක ස්වාමීන් වහන්සේ ලෙස පූජ්‍ය මරතුගොඩ මනිරතන ස්වාමීන් වහන්සේ පත් කරන ලද අතර, පූජ්‍ය උණපානේ පේමානන්ද ස්වාමීන් වහන්සේ ආගමික හා අධ්‍යාත්මික කටයුතු සඳහා නායකත්වය දෙති.

නෝර්වේ ජනතාවට වැඩිමනත් සේවයක් ලබාදීමේ අභිලාෂයෙන් යුතුව, ඔස්ලෝහි ශ්‍රී ලංකා බෞද්ධ විහාරය හර්ඩාල් මහ නගර සභා ප්‍රදේශයේ විශාල ගොඩනැගිලි සංකීර්ණයක් සහිත අක්කර තුනක ඉඩමක පිහිටි නව ස්ථානයක් කරා රැගෙනයන ලදි. මෙම අලුතින් පිහිටුවන ලද විහාරස්ථානය බෞද්ධ සම්ප්‍රදායන්ට අනුකූලව විවෘත කරන ලදි.එක්සත්කම සහ අන්තර් ආගමික සංවාදය මෙම සමාරම්භක උත්සවයේ ප්‍රධාන තේමාව විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ඔස්ලෝ

2021 ජූලි 20 වැනි දින

Please follow and like us:

Close