ටෝකියෝ හි ශ්‍රී ලංකා දූත මණ්ඩලය විසින් සංවිධානය කරන ලද වෙබිනාර් සාකච්ඡාවක් මගින් ජපානයේ බාහිර සංචාරක ක්‍රියාකරුවන් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන් සහ හෝටල් හිමියන් සමඟ සෘජු ලෙස සම්බන්ධ කෙරේ

ටෝකියෝ හි ශ්‍රී ලංකා දූත මණ්ඩලය විසින් සංවිධානය කරන ලද වෙබිනාර් සාකච්ඡාවක් මගින් ජපානයේ බාහිර සංචාරක ක්‍රියාකරුවන් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන් සහ හෝටල් හිමියන් සමඟ සෘජු ලෙස සම්බන්ධ කෙරේ

ටෝකියෝ හි ශ්‍රී ලංකා දූත මණ්ඩලය ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය සමඟ එක්ව ජපන් භාෂාවෙන් මෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් ද පවත්වන ලද උපදේශාත්මක වෙබ්නාර් සැසියක් ඔස්සේ ජපානය සහ ශ්‍රී ලංකාව අතර වෙසෙන සංචාරක ක්‍රියාකරුවන් සහ හෝටල් හිමියන් 265 කට අධික සංඛ්‍යාවක් සම්බන්ධ කර ඇත. මෙහිදී පී.සී.ආර්. පරීක්ෂණ, එන්නත්කරණය සහ පැමිණීමේ වීසා නිකුත් කිරීම ආදිය සම්බන්ධයෙන් වන සංචාරක ගමන්වලට අදාළ ප්‍රශ්න සවිස්තරාත්මකව පැහැදිලි කරන ලදි.

මෙහිදී ශ්‍රී ලංකාව අතිවිශිෂ්ට ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කෙරුණු අතර වෙරළ තීර, පාරිසරික සංචාරක ක්ෂේත්‍රය, වනජීවීන් සහ සෆාරි, ත්‍රාසජනක ක්‍රීඩා, මුහුදු මංපෙත්, උරුමයන්, සංස්කෘතිය සහ ආයුර්වේදය වැනි ඇතැම්  ක්ෂේත්‍ර   උද්දීපනය කෙරුණු අතර මෙම ක්ෂේත්‍ර පිළිබඳව ජපන් භාෂාවෙන්හඬ කවන ලද වීඩියෝ ඉදිරිපත් කෙරිණි. ප්‍රධාන දේශනය ඉදිරිපත් කළ තානාපති සංජිව් ගුණසේකර මැතිතුමා ප්‍රමුඛ පෙළේ සංචාරක සඟරාකරුවන් සහ ප්‍රකාශකයන් ශ්‍රී ලංකාව ලොව අනර්ඝතම සංචාරක ගමනාන්තයක් ලෙස අඛණ්ඩව පිළිගෙන ඇති බව පැහැදිලි කළ අතර පශ්චාද් කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ සංචාරයේ නිරතවීම සඳහා යෝග්‍ය ගමනාන්ත අතරින් මුල් ගමනාන්ත පහ අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් වන බවට කොන්ඩ් නාස්ට් ට්‍රැවලර් සඟරාව විසින් මෑතකාලීනව ලබා දුන් නිර්දේශය පිළිබඳව ද සඳහන් කළේය. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා ශ්‍රී ලන්කන් ගුවන් සේවය සමඟ ගුවන්ගමන් වල නිරත වීමේ අත්දැකීම පිළිබඳව සඳහන් කළ අතර ශ්‍රී ලාංකිකආගන්තුක සත්කාර අත්විඳීමට පැමිණෙන ලෙස සියලුම ජපන් සංචාරකයන්ට ඇරයුම් කළේය. ප්‍රධාන දේශක ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති කිමාලි ප්‍රනාන්දු මෙනවිය ශ්‍රී ලංකාවේ ආකර්ෂණීය ස්ථාන, සම්බන්ධතාවේ පහසුව සහ ශ්‍රී ලංකාව සිය සංචාරකයන්ට ලබා දෙන වැඩි දියුණු කළ සේවාවන් යනාදිය පිළිබඳව සවිස්තරාත්මකව පැහැදිලි කළාය. සියලුම දේශන ජපන් උපසිරැසි සමඟ ඉදිරිපත් කරන ලද අතර සියලුම වීඩියෝ දූත මණ්ඩලයේ කාර්ය මණ්ඩලය විසින් ජපන් භාෂාවෙන් හඬ කවන ලදි.

සහභාගිවන්නන්ගේ අවශ්‍යතා පසු විපරම් කිරීම සහ අධීක්ෂණය කිරීම මෙන්ම ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා ජපානයේ අනෙකුත් බාහිර සංචාරක ක්‍රියාකරුවන් අතරට ළඟා වීම අඛණ්ඩව සිදු කිරීමට දූත මණ්ඩලය අපේක්ෂා කරයි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ටෝකියෝ

2021 නොවැම්බර් 12 දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close